ඓතිහාසික පසුබිම

1980 වසර පෙර පැවති කඩිනම් සංවර්ධන ක්‍රියාවලියත් සමඟම පර්යේෂණ හා සංවර්ධන (R & D) කාර්යයන් හා දියුණු තාක්‍ෂණික උපදේශකත්වය හා පරීක්ෂණ ‍සේවා ලබා දීමේ අවශ්‍යතාවය ඇති විය. රාජ්‍ය සේවා සපයන ආයතනවල ඇති දැඩි නීතිමය තත්වයන් ඉල්ලා සිටින ප්‍රමිතියෙන් හා කඩිනමින් එවැනි සේවා ලබා දීමට හැකියාවක් ඇති නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස එවැනි කර්තව්‍යයන් ගාස්තු ගෙවා කඩිනමින් හා ගුණාත්මක සේවා ලබා දෙන නව ආයතනයක් පිහිටුවීමේ අවශ්‍යතාවය ඇති විය.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සතුව වත්මන් ජාතික ‍ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පරිශ්‍රය තුල පර්යේෂණ සඳහා වූ සයිට් 66 නමින් ගොඩනැගිලි ද්‍රව්‍ය අත්හදා බැලීමට අදාළව පහසුකම් ප්‍රමාණයක් පමණක් තිබූ රසායනාගාරයක් එකල පැවතිනි. පසුකාලීනව එනම් 1976-78 සමයේ දී මෙම රසායනාගාරය ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (BRI) බවට දිවංගත ආචාර්ය. ඒ.එන්.එස්. කුලසිංහ මහතාගේ මැදිහත්වීම මත පත් කෙරිනි. ආචාර්ය. කල්යන් රේ ගේ උපදේශකත්වය යටතේ ගොඩනැගිලි දෙපාර්තමේන්තුව සතුව කොළඹ කොටුවේ පාංශු පිරික්සුම් රසායනාගාරයක් තිබුනි. එහි තිබූ අත්හදා බැලී‍මේ උපකරණ 1983 වසරේ දී නව ආයතනයක් පිහිටුවීම සඳහා BRI වෙත ගෙන එනු ලැබිනි. ඊට සුළු කාලයකට පසුව, ජාතික ‍ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) 1984 මාර්තු 5 වන දින සිට වෙනම ආයතනයක් ලෙස ස්ථාපිත කෙරිනි.

ජාතික ‍ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ආරම්භයේ දී පිහිටුවනු ලැබුවේ ප්‍රතිපත්ති සම්පාදන හා ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය යටතේය. ගත වූ වසර 32 ක කාලය තුල එය රේඛීය අමාත්‍යාංශයක සිට අමාත්‍යාංශ ගණනාවක විෂය පථය බවට වරින් වර පත් විය. මෙමගින් ජා.ගො.ප.සං හට තම ගමන්මග නිතර නිතර වෙනස් කරමින් විවිධ විෂයයන්ට යොමු වීමටත් ආයතනික කාර්යසාධනය වෙනත් දිශාවකට යොමු කිරීමට බලපානු ලැබිනි. අමාත්‍යාංශ වෙනස්කම් මගින් ඇති කළ ගැටළුකාරී තත්වයට අමතරව ජාතික ‍ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට එල්ල වූ අභියෝග වාසියට හරවා ගනිමින් රටේ වැදගත් ජාතික සංවර්ධන ව්‍යාපෘතිවලට අවතීර්ණ විය. එමගින් නව තාක්ෂණයන් ලඟා කර ගැනීමටත් තම විෂය පථය පුළුල් කර ගනිමින් වෙනස්කම් සඳහා ජාතික ‍ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට ඇති සුවිශේෂ අනුවර්තනීය හැකියාවන් පෙන්නුම් කෙරිනි.

ගත වූ 32 වසරක කාලය තුල, ශ්‍රී ලංකාවේ අංග සම්පූර්ණ පර්යේෂණ හා සංවර්ධන ආයතනයක් හා ප්‍රසිද්ධ තාක්ෂණ ‍සේවා සපයන්නෙකු ලෙස ජාතික ‍ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය තම ධාරිතාවයන් පුළුල් කර ගෙන ඇත. භූ තාක්ෂණික ඉංජිනේරු විද්‍යාව, නායයාම් පිළිබඳ අධ්‍යයනය, ව්‍යාපෘති කළමනාකරණය, මානව ජනවාස සැළසුම්කරණය, ජල ප්‍රමිති සුපරීක්ෂණය, වායු ප්‍රමිති නිරීක්ෂණය, ‍ගොඩනැගිලි ද්‍රව්‍ය පර්යේෂණ හා අත්හදා බැලීම් වැනි විවිධාකාර වූ ක්ෂේත්‍රවල සුවිශේෂීතාවයන් ඇති ආයතනයක් බවට ජාතික ‍ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පත් වී ඇත. 1985 දී ජාතික ‍ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයාම් සම්බන්ධිත අධ්‍යයන හා සේවා සඳහා බලයලත් ආයතනයක් ලෙස බිහි කළද, ජා.ගො.ප.සං. ආපදා කළමනාකරණ ක්ෂේත්‍රය තුලට සක්‍රිය ලෙස මැදිහත්වීමේ අවශ්‍යතාවය පැන නැගුනි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය 1986 වසරේ සිට නායයාම් අවදානම් පරීක්ෂා කර තක්සේරු කිරීම් කර ඇති අතර 1992 වසරේ සිට නායයාම් උවදුරු කලාප සිතියම් කිරීමේ ව්‍යාපෘතිය දියත් කර ඇත. තවද, ජාතික ‍ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ශ්‍රී ලංකාවේ ආපදා පෙර සූදානම් සැළසුම් සකස් කිරීමටත් 1984 හා 1992 වසරවල ආපදා කළමනාකරණ සම්බන්ධිත සමුළු සංවිධානය කිරීමටත් භූමි ගිලා බැසීමේ සිදුවීම් අධ්‍යයනය කිරීමටත් හා නායයාම් අවම කිරීමේ ව්‍යාපෘති දියත් කිරීමටත් පියවර ගෙන ඇත. මෙම තත්වයන් සැලකිල්ලට ගෙන, 2007 වසරේ දී ජාතික ‍ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ විෂය පථයට ගෙන ඇත.

ජාතික ‍ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වර්තමාන තත්වය

මූලාරම්භ‍යේ සිට ස්වයං වර්ධනයේ වසර 32 ක ඉතිහාසයකට පසුව හා එය වෙත පැවරුණු ජාතික වගකීම් හා යුතුකම්වලින් අනතුරුව ජාතික ‍ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද වන විට ‍රටේ ප්‍රධාන පෙලේ ආයතනයක් බවට පත් ව ඇත. නායයාම් අවදානම් කළමනාකරණය, පර්යේෂණ හා සංවර්ධන සහ තාක්ෂණ උපදේශන සැපයීම සහ පරීක්‍ෂණ සේවා සිදු කිරීම වැනි එහි කාර්යයන් සඳහා නමක් දිනා ගෙන ඇත. එහි සුවිශේෂී කාර්යසාධනය පෙන්නුම් කරමින්, ජාතික ‍ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය රටේ මූල්‍යමය ලෙස ස්ථාවරයක් ඇති ඉතාමත් ප්‍රමුඛ පෙලේ රාජ්‍ය ආයතනයක් බවට පත් වී ඇත.

ඉංජිනේරු විද්‍යාව, භූ තාක්ෂණ විද්‍යාව, විද්‍යා, ගෘහ නිර්මාණ ශිල්පය සහ නගර සැළසුම්කරණය වැනි විවිධ ක්ෂේත්‍රවලට අයත් උපාධිධාරීන් 138 ඇතුළු 350 කට වැඩි කාර්ය මණ්ඩලයක් ජාතික ‍ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සතුව මේ වන විට ඇත. ප්‍රධාන කාර්යාලය හා රටේ නායයාම් අවදානම් සහිත දිස්ත්‍රික්කවල පිහිටුවා ඇති එහි දිස්ත්‍රික් කාර්යාල 10 මගින් නායයාම් අවදානම් කළමනාකරණ සේවා සපයයි. තාක්ෂණ අංශ මගින් පර්යේෂණ සිදු කරමින් සංවර්ධන කටයුතු සිදු කරයි. තම නවීන රසායනාගාර පහසුකම් හා අධි තාක්‍ෂණික ක්ෂේත්‍ර උපකරණ යොදා ගෙන සක්‍රීය තාක්ෂණික උපදේශන ලබා දීමත් පරීක්ෂණ සේවා සැපයීම සිදු කෙරේ.

ජාතික ‍ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය යනු ශ්‍රී ලංකාවේ නායයාම් අවදානම් කළමනාකරණයේ ජාතික මධ්‍යස්ථානය බවට පත් ව ඇත. ඒ වෙත පැවරී ඇති වගකීම්වලට අනුව නායයාම් වලට අදාළ අධ්‍යයන, පරික්ෂා, ආපදා කළාප සිතියම්ගත කිරීම, නිරීක්ෂණය, පූර්ව අවවාද ලබා දීම හා අවම කිරීමේ කාර්යයන් කිරීමට අමතරව, ගොඩනැගිලි බලපත්‍ර හා සංවර්ධන සැළසුම් අනුමත කිරීමට අවශ්‍ය කරන පූර්ව අවශ්‍යතාවයක් ලෙස නායයාම් ආපදා තක්සේරු වාර්තා නිකුත් කිරීමේ සේවය ලබා දේ.

පාරිසරික කළමනාකරණය, මානව ජනාවාස සැළසුම්කරණය, ඉංජිනේරුමය ව්‍යාපෘති කළමනාකරණය, භූ තාක්ෂණික ඉංජිනේරු විද්‍යාව සහ ගොඩනැගිලි ද්‍රව්‍ය තාක්‍ෂණ විද්‍යාව වැනි පුළුල් පරාසයක් කරා විහිදී යන දැනුම් ජාතික ‍ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ලබා දේ.

තවද, රාජ්‍ය හා පුද්ගලික අංශයට උපදේශන හා පරීක්‍ෂණ සේවා ලබා දීම් මගින් ස්වයං ආදායම් කෙරෙහි ජාතික ‍ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය යොමුවී ඇත.

ජාතික ‍ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙහි කාර්ය භාරයන්

  • ආපදා අවදානම් අවමකරණය හා සුරක්ෂිත පරිසරයක් සැකසීමට අදාළව පර්යේෂණ හා සංවර්ධන කටයුතුවල නියැලීම
  • නායයාම් හා භූ තාක්ෂණ උවදුරු සඳහා ජාතික කේන්‍ද්‍රීය මධ්‍යස්ථානය ලෙස වූ කාර්යභාරය ඉටු කිරීම
  • පර්යේෂණ සිදු කිරීම හා සැළසුම්කරණය, ආපදා අවදානමට ලක් වූ හා විවිධ කාලගුණික වෙනස්කම් නිසා අනතුරට පාත්‍ර ව ඇති ප්‍රදේශවල තිරසාර නිවාස හා ආරක්ෂික මානව ජනාවාස ඉදිකිරීම පිළිබඳව මාර්ගෝපදේශ ලබාදීම
  • තාක්ෂණිකව ගැටළුකාරී වී ඇති පස් සහිත ප්‍රදේශ භාවිතා කිරීම පිළිබඳව පර්යේෂණ හා සංවර්ධන කටයුතු සිදු කිරීම
  • ගොඩනැගිලි ද්‍රව්‍ය, නිෂ්පාදන හා තාක්ෂණයන්වල විකල්ප ප්‍රභව වැඩිදියුණු කිරීම
  • ගොඩනැගිලි හා ඉඳිකිරීම්, හානි තක්සේරුව හා තාක්ෂණික සේවා පිළිබඳව ප්‍රමිති වාර්තා නිකුත් කිරීම
  • විශේෂිත සම්පත් දායකයන් විසින් තොරතුරු, අධ්‍යාපනික වැඩසටහන්, පුහුණු කිරීම් හා තාක්ෂණික සේවාවල ලබා දී‍ම
  • පරීක්‍ෂා කටයුතු සිදු කිරීම, උපදේශන ලබාදීම්, භූ ගර්භ විද්‍යාව, භු තාක්ෂණික ඉංජිනේරු විද්‍යාව, ගොඩනැගිලි ද්‍රව්‍ය, ව්‍යුහාත්මත ඉංජිනේරු විද්‍යාව හා ගොඩනැගිලි සේවා, ව්‍යාපෘති කළමනාකරණය, පාරිසරික කළමනාකරණය, මානව වාසස්ථාන සැළසුම්කරණය සහ සංවිධානයේ අරමුණු සාක්ෂාත් කිරීමට අදාළ ක්ෂේත්‍ර පිළිබඳව පර්යේෂණ ව්‍යාපෘති සිදු කිරීම

ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් හා සම්බන්ධිත අන්තර්කාලීන කළමනාකරණ කමිටුව ජාතික ‍ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ කටයුතු පාලනය හා මඟපෙන්විම සිදු කෙරේ. ආයතනික සැළසුම් හා ජාතික ‍ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වාර්ෂික ක්‍රියාකාරී සැළසුම් කාර්යසාධන මාර්ගෝපදේශ ලෙස වාර්ෂිකව සකස් කෙරේ. ජාතික ‍ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වාර්ෂික වාර්තා ආයතනික සාධනයන් ඇතුළත් කරමින් අදාළ බලධාරීන් වෙත ‍ඉදිරිපත් කර ඇත.