භූ තාක්ෂණික ඉංජිනේරු විද්‍යා අංශය (GED) දේශීය අවශ්‍යතාවලට සෘජුව අදාළ වන පර්යේෂණ සහ පාංශු තාක්ෂණ, ඉංජිනේරු භු ගර්භ විද්‍යාව, අත්තිවාරම් සැළසුම්, නායයාම් අවම කිරීම් හා පර්යේෂණ යන ක්ෂේත්‍රවලදී උපදේශන ලබා දේ. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භූ තාක්ෂණික සේවා ලබා දීම ද GED සිදු කරයි. වැඩිදුර පර්යේෂණ හා වැඩිදියුණු කිරීම් කිරීමට අවශ්‍ය වන ක්ෂේත්‍ර ඉදිකිරීම් කර්මාන්තයට එවැනි සේවා ලබා දීමේ ක්‍රියාදාමයේ දී සෑම විටම හදුනා ගැනේ.
භූ තාක්ෂණීක සේවා සපයන ප්‍රධාන පෙලේ ආයතනයක් ලෙස, වසර 30 කට ආසන්න කාලයක් පුරා ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන හා රාජ්‍ය නොවන සංවිධාන ප්‍රතිපත්තිවලට අනුගත වෙමින් ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතිවල අවශ්‍ය සේවාවන් සඳහා අප මෙතෙක් දායක වී ඇත. භූ තාක්ෂණික ඉංජිනේරුවරු, ඉංජිනේරු භු තාක්ෂණවේදීන්, විද්‍යාඥයන්, විදුම් අධීක්ෂකවරු, විදුම් ක්‍රියාකරුවන්, විදුම් කරුවන් හා පුහුණු අත්උදව්කරුවන් වැනි පළපුරුද්දෙන් අනූන පිරිසක් අප අතර ඇත. එමෙන්ම, භූ තාක්ෂණික සහ භූ භෞතික පර්යේෂණ සහ දේශීය හා විදේශීයව සිදු කරන විමර්ශන කටයුතුවලට අවශ්‍ය නවීන හා දියුණුතම උපකරණ එය සතුව ඇත.
ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් පාංශු පරීක්ෂා කිරීමේ විද්‍යාගාර පහසුකම් ද GED සතුව තිබෙන අතර පරීක්ෂා කිරීම් සිදු කිරීමට අවශ්‍ය කරන අභ්‍යන්තරික ප්‍රවීන විද්වත් මණ්ඩලයකින් ද සමන්විතය.
පහත දැක්වෙන ව්‍යාපෘති මගින් අප පිළිබඳව කෙටි අවබෝධයක් ඇති කර ගැනීමට ඔබට හැකි වනු ඇත.