ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පුස්තකාලයෙහි විශාල පරාසයකට අයත් පොත්, ප්‍රමිති සහ වාර සඟරා ඇත. තව ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විද්‍යාඥයන් විසින් සිදුකරන ලද පර්යේෂණවල ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන ලදුව එහි තැන්පත් කර ඇත. සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 9.00 සිට ප.ව. 3.30 දක්වා පර්යේෂකයන්ට, ශාස්ත්‍රවන්තයන්ට, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට සහ වෙනත් පරිශිලකයන්ට මෙහි ඇතුළත් සම්පත්වලින් ප්‍රයෝජන ගත හැක. සෙනසුරාදා, ඉරිදා සහ වෙනත් රජයේ නිවාඩු දිනවල පුස්තකාලය වසා ඇත. පෞද්ගලික පරිශීලකයන්ට පොත් බැහැර ගෙනයා නොහැකිය. ඡායා පිටපත් සාධාරණ මිලකට ලබා ගත හැකි ය. වැඩි විස්තර සඳහා මානව සම්පත් කළමනාකරණ අංශයේ ප්‍රධානියා අමතන්න.

 

මෙහි ඇති සම්පත් නම්;

පහත සඳහන් විෂය ක්ෂේත්‍රවලට අයත් පොත් 5000 කට අධික සංඛ්‍යාවක්.

  • පාරිසරික විද්‍යාව
  • භූ විද්‍යාව සහ මිහිතල විද්‍යාව
  • වායු ගුණාත්මකතාව සහ වායු දූෂණය
  • ජල සම්පත් ඉංජිනේරුමය හැදෑරීමට පාත්‍ර කිරීම සහ අප ජල කළමනාකරණය
  • පාංශු යාන්ත්‍රණ සහ භූ තාක්ෂණ ඉංජිනේරු ශිල්පය
  • ව්‍යුහාත්මක ඉංජිනේරුමය ශිල්පය
  • ඉඩම් නායයාම සහ ඉඩම් නායයාම සැහැල්ලුකරණය
  • ගොඩනැගිලි ද්‍රව්‍ය සහ ගොඩනැගිලි ඉදිකිරිම්
  • කොන්ක්‍රීට් තාක්ෂණය
  • අලෙවිය සහ මූල්‍ය කළමනාකරණය
  • වාස්තු විද්‍යාව
  • භූගෝල විද්‍යාව

ප්‍රමිති

  • BS
  • ASTM
  • ISO
  • SLSI

සඟරා

  • Journal of the Institute of Engineers, Sri Lanka
  • Journal of the National Science Foundation
  • Journal of the Human Environment
  • Journal of the Geotechnics
  • Journal of the Geotechnics and Geo-environmental Engineering
  • Journal of the Environmental Engineering
  • Journal of the Structural Engineering
  • Journal of the Geological Society of  Sri Lanka
  • Journal of the Geotechnical Engineering
  • Journal of the Civil Engineering
  • Journal of the Environmental Systems Review
  • Journal of the Population and Development Review
  • Journal of the Royal Town Planning Institute
  • Journal of the Soil and Foundation
  • Journal of the Land Use Policy
  • Journal of the Materials Science