ගොඩනැගිලි සුන්බුන් හා ස්ථායී පස් වලින් සැකසූ සෑන්ඩිවිච් පැනලවල ගොඩනැගිලි කාර්යසාධනය

සාම්ප්‍රදායික ගොඩනැගිලි ද්‍රව්‍ය අධි උපයෝජනයවීම වැළැක්වීම සඳහා විකල්ප ද්‍රව්‍ය හදුන්වා දීමටත් ඉවතලන ගොඩනැගිලි ද්‍රව්‍ය නැවත යොදා ගැනීමත් අත්‍යවශ්‍ය වේ. මෙහිදී, ගොඩනැගිලි කඩාදැමීමේ ජලය (BDW) හා ස්ථාවර ජම්බාරයෙදු පසෙහි (SRE) ඉදිකිරීම් ශක්තිය හා යෝග්‍යතාවය පරීක්ෂා කළ සංයෝග වලින් යුක්ත බිත්ති තැනීමට භාවිතා කෙරිනි.  අත්හදා බැලීම් වලදී සැහීහිමට පත් විය හැකි ප්‍රතිඵල අත් කර ගැනීමට හැකි විය. මොරටුව විශ්ව විද්‍යාලය හා එක්ව පර්යේෂණ අඛන්ඩව සිදු කෙරෙමින් පවතී. එහි එක් සමාන අධ්‍යයනයක දී, ප්‍රතිචක්‍රිය ඉදිකිරීම් අපද්‍රව්‍යවල අඩංගු සං‍යෝග වලින් යුත් බිත්ති වල ව්‍යුහාත්මක කාර්යසාධනය පරීක්ෂා කරමින් ස්ථායී තලන ලද පස් මොරටුව විශ්ව විද්‍යාලයේ දී පරීක්ෂාවට ලක් කෙරිනි. ඒ හා සමාන වෙනත් අධ්‍යයනයකදී, සිමෙන්ති, වැලි, පැතිරුනු පොලිස්ටයිරින් හා අළු අඩංගු ෆයිබර් සිමෙන්ති බෝඩ් දෙකක් යොදා අඩු බරැති සම්මිශ්‍රන පැනල උපරිම සම්ම්‍ශ්‍රණයක් සැකසීමටත්, භාවිත වැලි වෙනුවට පොලිස්ටයිරින් හා භාවිත සිමෙන්ති ප්‍රමාණය වෙනුවට අළු යොදා සකසා උපරිම මිශ්‍රණය හදුනා ගැනීමටත්  උත්සාහ කෙරිනි.

නායයාම් නැවත පදිංචි කිරීමේ සැළසුම් ක්‍රියාදාමය විමර්ශනය

තම වාසස්ථාන අවට නායයාමේ අවාදනම නිසා සෑම වසරකම ආරක්ෂිත ඉඩම්වල පවුල් නැවත පදිංචි කිරීම අත්‍යවශ්‍ය වේ. මැතක සිදුවූ නායයාම් හා බෑවුම් සෝදායාම් මෙම තත්වය වර්ධනයට කිරීමට තුඩු දී ඇත. දැනට ඇති නායයාම් නැවත පදිංචි කිරීමේ සැළසුම් ක්‍රමවේදය විමසුමට ලක් කිරීම සඳහා අධ්‍යයනයක් සිදු කෙරිනි.  නැවත පදිංචි කිරීම මෙම අවශ්‍යතාව තිබුනද එහි සැළසුම් ක්‍රමවේදය අඩුපාඩු සහිත බව නොරහසකි. ඒ සමාන වූ අධ්‍යයනක් මගින් මීරියබැද්ද නායයාමේ වින්දිතයන් නැවත පදිංචි කිරිමේ ක්‍රමවේදය පර්යේෂණයට හසු විය.

ශ්‍රී ලංකාවේ වගුරු පසේ ද්වීතීය සම්පින්ඩන ගුණාංග

ඉඩම්වල ඇති මාර්ග කන්ඩි දැමිමේ දී සිදුවන ද්විතිය සම්පින්ඩනය අවධානය යොමු කරමින් වගුරු පසේ ද්වීතිය සම්පින්ඩනය පිළිබඳව පූර්ව බරපැටවීමේ ප්‍රතිඵල පිළිබදව අධ්‍යයනයක් සිදු කෙරිනි. මෙම අධ්‍යයනය 2016 වන තුරු සිදු කෙරෙනු ඇත.

ශ්‍රී ලංකාවේ බෑවුම් අවට වර්ෂාපතන තීව්‍රතා ඇති කිරීම

වැසි මගින් ඇතිකළ හැකි නායයාම්වලට හේතු වන අවට වර්ෂාපතන තීව්‍රතාවය ස්ථානයෙන් ස්ථානයට වෙනස් විය හැක. එවන් අවස්ථාවලදී, නායයාම් ඇතිවීමේ හැකියාවන් හුවාදක්වමින් ස්ථාන විශේෂිත ක්‍රමවේදය සැකසීම වැදගත් වන අතර මෙම පර්යේෂණ උත්සාහය ශ්‍රී ලංකාවේ බැවුම් සදහා එවැනි ක්‍රමවේද ඇති කිරීමට පෙළඹී ඇත. පාංශු ජල ලක්ෂණ පරීක්ෂා කිරීම සඳහා පීඩන තට්ටු යෙදවුමක් භාවිතා කර කරන පරික්ෂණ මෙම පර්යේෂණයේ දී සිදු කෙරිනි. විවිධ සන්තෘප්ත මට්ටම් වලදී අවශේෂ පසේ ශක්ති පරාමිතින් මෙම පරීක්ෂණය මගින් තීරණය කළ හැක. වැලිපැන්න නායයාම් ස්ථානය පර්යේෂණ ස්ථානය ලෙස තෝරා ගෙන ඇත.

ජෛව ඉංජිනේරු ක්‍රම යොදා දියතලාවේ සැකසූ බෑවුමේ මතුපිට ආවරණය කරන ග්‍රීන් වෝල් ශිල්පීය ක්‍රමය

කදුකරයේ පිහිටා ඇති දියතලාව නගරය විදේශීය හා දේශීය සංචාරකයන් වැඩියෙන්ම පැමිණෙන ස්ථානයකි. රැඳවුම් ව්‍යුහයන්වල මේ නගරයේ මධ්‍ය ප්‍ර‍දේශයේ නැවත ඉඳිකළ ‍සේදීගිය බැවුම් මෙන් කොන්ක්‍රීට් හා ගල්මය මතුපිටවල් ඇත. එවැනි පෘෂ්ඨයන් ඇසට වඩාත් සුවදායක වැවිලි වර්ගයකින් ආවරණය කිරීම මෙම අධ්‍යයනය පර්යේෂණ කර නිර්දේශ කර ඇත.

ගල් කුඩු අඩංගු රෙඩි මික්ස් කපරාරු මිශ්‍රණය

හිඟවෙමින් පවතින ග‍ගේ වැලි වෙනුවට ගල් කුඩු හා කුඩුකළ ගල් වැලි යොදා පෙර සැකසුම් කපරාරු බදාම සැකසීමේ හැකියාව මෙම අධ්‍යයනය මගින් සොයා බැලේ. ගල් වලක ප්‍රධාන වශයෙන්ම එකතු වන ද්‍රව්‍යයක් වන ගල් කුඩු ඉවත් කළ යුතු අපතේ යන ද්‍රව්‍යයක් ලෙස වර්තමානයේ සැළකේ. සාමාන්‍ය බදාම ලෙසම මෙම උචිත මිශ්‍රන ප්‍රමානයන් සකසා ඇති අතර පර්යේෂණ අධ්‍යයනය 2016 වසර තෙක්ම සිදු ‍කිරීමට නියමිතය.