ඔබේ ඉදිකිරීම් පරිශ්‍රයේ පස්වල ප්‍රමිතිය ඔබේ ව්‍යාපෘතියේ සාර්ථකත්වය කෙරෙහි ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. එබැවින් පසේ ලක්ෂණයන් හදුනා ගැනීම මගින් ඔබ‍ගේ ඉදිකිරීමේ සාර්ථකත්වය රදා පවතී. අපගේ පාංශු පරීක්ෂණ විද්‍යාගාරය තුලින් පසේ යෝග්‍යතාවය ඔබට තක්සේරු කර ගත හැකි අතර බුද්ධිමත් තීරණ ගැනීමේ දී හා සැළසුම්කරණයේ දී අවශ්‍ය වැදගත් දත්ත ඔබ අතට පත් වෙනු ඇත.

GED හා පාංශු පරික්ෂණ විද්‍යාගාරය ශ්‍රී ලංකාවේ ඇති අංග සම්පූර්ණ විද්‍යාගාරයක් වන්නේ ජාත්‍යන්තර පරීක්ෂණ ක්‍රමවලට අනුව කළ යුතු සියළු පරීක්ෂණ කළ හැකි එහි ඇති සුපරිතම විද්‍යාගාර පහසුකම් සහ මනා පුහුණුවකින් යුත් කාර්ය මණ්ඩලයය.

භූ තාක්‍ෂණික විද්‍යාගාරය මගින් පහත දැක්වෙන පරීක්ෂා සිදු කෙරේ.

  • වෙනස් වූ තාප විමර්ශනය (DTA)
  • පාරගම්‍යතා පරීක්ෂාව
  • Triaxial සම්පීඩන පරීක්ෂා (Unconsolidated Undrained)
  • සංසක්ත පස් නියැදි පිළිබඳ Unconfined සම්පීඩන පරීක්ෂාව
  • රසායනාගාර CBR පරීක්ෂාව (නොපෙඟවු, දින 4 ක් පෙඟවූ)
  • ප්‍රොක්ටර් සුසංහිත පරික්ෂාව (සම්මත, නවීකරණයකළ)
  • සම්පින්ඩකතා පරීක්ෂාව
  • ඉදිමුම් පීඩන පරීක්ෂාව
  • සෘජු Shear පරීක්ෂාව
  • රසායනාගාර වේන් ෂියර් පරීක්ෂාව
  • පාෂාණ සහ පාංශු logging
  • පසේ තෙතමන තත්වය
  • විශේෂිත බර
  • පෙරහන් විමර්ශනය
  • Free swell දර්ශකය
  • දර්ශක පදාර්ථ පරීක්ෂාව (ද්‍රව සීමාව සහ ප්ලාස්ටික් සීමාව)
  • ද්‍රවමාන විමර්ශනය