භූගත තැනීම්, රැදවුම් ව්‍යුහයන් සහ අඩු/ උස් ගොඩනැගිලි වැනි ප්‍රධාන පෙලේ ජාතික ව්‍යාපෘතිවල සැලසුම් සැකසීම සදහා ඉතා ඉහළ මට්ටමේ පුහුණුවක් ලැබූ හා කුසලතා පිරි සිවිල් ඉංජිනේරුවරුන්ගෙන් අංශය සමන්විතය. මීට අමතරව, ව්‍යුහාත්මක සැළසුම් ක්‍රියාවට නැංවිම සහ ව්‍යුහාත්මක ඉංජිනේරු සැලසුම් සංග්‍රහයේ BS 8110. ක්‍රමවේදය අනුව විස්තර සැකසීම.

ගෘහ නිර්මාණාත්මක, ව්‍යුහාත්මක සහ සේවා සිතියම් සැළසුම් කිරීම් හා සැකසීම. පළපුරුදු හා හැකියාවන්ගෙන් පිරි ගෘහනිර්මාණ ශිල්පීන්, සැළසුම්කරුවන් හා ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ගෘහනිර්මාණ ශිල්පීන්ගේ ප්‍රවිනඥ දැනුම සහිතව රටේ ඉහළම ගෘහනිර්මාණාත්මක සේවා සැපයීමේ හැකියාව PMD ට ඇත.

ටෙන්ඩර් ලේඛණ සැකසීම, ටෙන්ඩර් කැඳවීම, ටෙන්ඩර් ඇගයීම සහ කොන්ත්‍රාත්කරුවන් තෝරා ගැනීමට උපදෙස් ලබාදීම. CIDA SBD1, SBD2, SCA1, SCA/3/I, SCA/2/I (ශ්‍රී ලාංකික කොන්දේසි හා විශේෂතා), FIDIC, ලෝක බැංකු CoC යනාදි අද වන විට ලොව පුරා භාවිත කොන්දේසි ගිවිසුම්වල ඇති කර්මාන්ත ප්‍රමිති ලේඛණ සියල්ල උපයෝගී කර ගනිමින් ප්‍රසම්පාදන කටයුතු PMD සිදු කරමින් සිටී.

NPA, IDA සහ ලෝක බැංකු මාර්ගෝපදේශවලට අනුකූලව මෙම සියළු ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීමට PMD ට හැකියාව ඇත.

ව්‍යාපෘති  කළමනාකරණ සේවා අතර ප්‍රමිති පාලනය සිදු කිරීම, ඉඳිකිරීම් අධීක්ෂණය, ප්‍රගති නිරීක්ෂනය හා දැනුම්දීම ඇතුළත් වේ. මෙම කටයුතු තුල වෙනත් සියළුම අදාළ නිර්දේශ සහ කාලය දිගු කිරීම, අතුරු ගෙවුම් සහතික, ප්‍රගති වාර්තා, විචලන ඇනවුම් ඇගයුම සහ උපදේශන ගෙවුම් ඉන්වොයිස් වැනි ලේඛණ අඩංගු වේ.

  • ගොඩනැගිලි හා ඉදිකිරීම්වල ව්‍යුහාත්මක ආරක්ෂාව පිළිබඳ පරීක්ෂාව
  • දැනට ඇති ගොඩනැගිලි හා වෙනත් අදාළ ඉදිකිරීම්වල ව්‍යාප්ති කිරීම්වලට අදාළ ගෘහනිර්මාණාත්මක වෙනත් විශේෂිත සේවා පිළිබඳව උපදෙස් ලබා දීම හා ඒවා පිළිබදව තත්ව වාර්තා ඉදිරිපත් කිරීම
  • දැනට ඇති ගොඩනැගිලිවල සේවාදායක බවට අදාලව කම්පන බලපෑම් පිළිබඳව පරීක්ෂා කිරීම හා කරුණු වාර්තා කිරීම
  • විශේෂයෙන් BS 3811 සම්ප්‍රදාය භාවිතා කර පැළුම් සමීක්ෂණ ප්‍රතිඵල, කොන්ක්‍රීට් පිළිබඳව විනාශකාරී / විනාශකාරී නොවන පරීක්ෂණ වැනි දෑ මගින් කරුණු වාර්තා කිරීම හා නිර්දේශ ක්‍රියාවට නැංවීම.

ශ්‍රී ලංකාවේ ඉතාමත් ප්‍රසිද්ධ විවිධ අධ්‍යාපනික ආයතනවල අත්දැකීම් ඇති හා සුදුසුකම්ලත් ප්‍රමාණ සමීක්ෂකයන් මගින් සියළු ආකාරයේ ප්‍රමාණ සමික්ෂණ කටයුතු කරවා ගැනීම.

ශ්‍රී.ලං.ප්‍ර. 573 (ශ්‍රී ලංකා ප්‍රමිති), SMM7, CESMM4, NRM1 / NRM2 හා POMI, ගිවිසුම් කොන්ත්‍රාත්තුව - ICTAD SBD 1/SBD2/ SCA1 (ශ්‍රී ලංකා කොන්දේසි) සහ FIDIC, HSR හරහා ගාස්තු විශ්ලේෂණය (ගාස්තු උපලේඛණය) සහ BSR (ගොඩනැගිලි ගාස්තු උපලේඛණය) වැනි තත්ව ක්‍රම භාවිතා කර ව්‍යාපෘති අවශ්‍යතා ඉටු කිරීමේ ඉහළම හැකියාව PMD ට ඇත.