ශ්‍රී ලංකාවේ දේශගුණික වෙනස්වීමේ බලපෑම් සහ හැඩගැසීමේ ප්‍රතිපත්තිවලට අදාළ පර්යේෂණ පැවැත්වීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දේශගුණික පර්යේෂණ ඒකකයක් (CRU) ආරම්භ කර ඇත. දේශගුණික විපර්යාස හේතුකොටගෙන ශ්‍රී ලංකාවේ කුඩා පරිමාණ ගොවීන් අවදානමට ලක් වී ඇති ආකාරය පිළිබඳව කෘෂිකාර්මික තීරණ ගැනීම හා ශ්‍රී ලංකාවේ තීරණ ගැනීමේ සහභාගිත්ව ප්‍රවනතා (ADAPT-SL) හි ඒකාබද්ධ පර්යේෂණ ව්‍යාපෘතියක් ඒකාබද්ධව මේ වන විට CRU පර්යේෂකයන් කරුණු සොයා බලමින් සිටිති.

ADAPT-SL පර්යේෂණයේ අරමුණ වන්නේ විශේෂයෙන්ම දේශගුණික වෙනස්කම්වල බලපෑම් වලදී ශ්‍රී ලංකාවේ ගොවීන් තම ක්‍රියා පිළිවෙත් වෙනස් කර ගන්නා ආකාරය පිළිබඳව මනා අවබෝධයක් ඇති කර ගැනීමයි. 2010 වසරේ සිටම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) පර්යේෂකයන් එක්සත් ජනපදයේ ජාතික විද්‍යා පදනම අරමුදල් සපයන ව්‍යාපෘතියක් වන ඇමෙරිකා එක්සත් ජනපදයේ බලශක්ති හා පරිසරය සඳහා වන වැන්ඩර්බිල්ට් විශ්ව විද්‍යාලයේ වැන්ඩර්බිල්ට් ආයතනය (VIEE) සමඟ ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ කෘෂිකාර්මික හැඩගැස්ම හා දේශගුණික වෙනස්කම් අතර සබඳතා පරික්ෂා කිරීම සඳහා සහයෝගයෙන් කටයුතු කරයි.

කෘෂිකර්මය මත ශ්‍රී ලංකාව යැපීම විශේෂිතව දේශගුණික වෙනස්කම් අනුව හානිදායකය. මුහුදු මට්ටම ඉහළයාම, ජනගහන ව්‍යාප්තිය සහ රටේ වෙරළ තීරයේ යටිතල පහසුකම් ප්‍රමාණය කෙරෙහි දේශගුණික වෙනස්කම් හැඩගැස්මට අනුව රටේ වැඩි අවධානයක් යොමු විය යුතුව ඇත. කෙසේ වුවද, රටේ අභ්‍යන්තර ප්‍රදේශ කෙරේ වැඩි අවධානයක් යොමු කළ යුතු ව ඇත. ශ්‍රී ලංකාවේ උෂ්ණත්වය ගතවූ වසර 50 තුල සෙන්ටිග්‍රේට් අංශක 1 කින් පමණ වැඩි වී ඇති අතර එය තවදුරටත් වැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. වර්ෂාපතනය පිළිබඳ පුරෝකතන එතරම් විශ්වාස කළ නොහැකි නිසා, ඉහළ උෂ්ණත්ව තත්වයන් යනු වැඩි ජල වාෂ්පීකරණයක් සිදුවීම බැවින් අනාගතයේ දී ශ්‍රී ලංකා‍වට අඩු ජල ප්‍රමාණයක් ලැබෙන බව පෙන්නුම් කර ඇත. දේශගුණික වෙනස්කම්වල විය හැකි බලපෑම් වර්ෂාව හා දුරස්ථ ස්ථාන වෙත ඇල මාර්ගවලින් ජලය ගෙන යන ක්‍රම දෙකම භාවිතා වන විශේෂයෙන්ම රටේ වියළි කලාපයට බලපානු ලබයි. තම නිෂ්පාදන ප්‍රමාණවත් ලෙස පවත්වාගෙන යාමටත් අස්වැන්න වැඩි කර ගැනීමටත් නොහැකි වන ලෙස මෝසම් වැසි එළැඹි හා එහි ප්‍රමාණයේ වෙනස්කම් දැනටමත් අත්දැක තිබෙන බව ගොවීන් ප්‍රකාශ කර ඇත.

උක්ත තත්වය තුල, දේශගුණික වෙනස්කම්වලට ශ්‍රී ලංකා ගොවීන් අතීතයේ හා අද වන විට ප්‍රතික්‍රියා දක්වන අයුරුත් විශේෂයෙන්ම භෞතිකව හා ජලවිද්‍යාත්මකව, සමාජ ආර්ථිකමය තත්වයන් සහ ඉඩම් භාවිත සිතියම් සැකසීම, නියං නිරීක්ෂණ හා පුරෝකතන ක්‍රමවේද, නිවාසමය විමර්ශන, ජල හිගයේදී භෝග ආදර්ශන සැළසුම් වැනි අනාගත දේශගුණික වෙනස්කම්වලට ඔවුන් හැඩ ගැසෙන ආකාරයත් ADAPT-SL ව්‍යාපෘතිය මගින් අවධානයට ලක් කෙරේ.

ව්‍යාපෘතියට අයත් පර්යේෂණ ප්‍රදේශයට වියලි කලාපයේ දිස්ත්‍රික්ක 9 ක ග්‍රාම නිලධාරී කොට්ඨාශ 30 ක් ඇතුලත්වේ. විවිධ වාරිමාර්ග ක්‍රම සහ ව්‍යාපෘති ප්‍රතිඵල හා සොයා ගැනීම් මගින් අහිතකර දේශගුණික වෙනස්කම්වල බලපෑම් හමුවේ තිරසාර ජීවිකාවක් ගෙන යාමට ඉවහල් වන ක්‍රියාවට නැංවිය හැකි වෙනස්කම් අවධාරනය කෙරේ.