පාරිසරික විද්‍යාගාරය 1987 දී පිහිටුවනු ලැබිනි. පරිමණ්ඩිත ජලය, භෞතික රසායන ආවරණය කරන අපජලය සහ ක්ෂුද්‍රජීවිත්මක පරාමිතින්, පරිමණ්ඩිත වායු ප්‍රමිතිය, ශබ්දය හා කම්පන පාරිසරික පරාමිතීන් විශාල ප්‍රමාණයක් පරීක්ෂා කිරීමේ පහසුකම් එහි ඇත.

ශ්‍රී.ලං.ප්‍ර./84/036 යටතේ UNDP/UNCHS විසින් මුළු රසායනාගාරයටම පූර්ණ අනුග්‍රහය ලබා දේ. මෙම ව්‍යාපෘතිය යටතේ දේශිය ප්‍රවිනයන් හා එක්සත් රාජධානියේ ලව්බ්‍රෝ විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර උපදේශකයන්ගෙන් සේවස්ථ වැඩසටහන් මගින් විද්‍යාඥයන්ට හා තාක්‍ෂණික නිලධාරීන්ට පුහුණුව ලබා දේ.

වත්මන් තත්වය

පාරිසරික රසායනාගාරය නවීන පහසුකම්, අති නවීන උපකරණවලින් හා එහි සුදුසුකම්ලත් හා කැපවූ කාර්ය මණ්ඩලයකින් සමන්විත වන අතර තම සේවාදායකයන්ට විමර්ශනාත්මක සේවා කලට වේලාවට ලබා දීම අඛණ්ඩව සිදු කෙරේ.

වායු ප්‍රමිති නිරීක්ෂණය, ශබ්දය සහ කම්පන පරීක්ෂාව ඇතුළුව පානීය ජලය, අපජලය, මතුපිට හා භුගත ජලය, පස, මණ්ඩි, ඉදිකිරීම් ද්‍රව්‍ය, රොන්මඩ යනාදිය පිළිබඳව පුළුල් තලයේ විමර්ශන රසායනාගාරය තුල සිදු කෙරේ. ජාත්‍යන්තර හා දේශීය පාරිසරික ප්‍රමිති මාර්ගෝපදේශ හොදින් අධ්‍යයනය කර ඇති පමණක්ම ‍නොව සුදුසුකම්ලත් රස පරීක්ෂකයන් හා ප්‍රවීනයන්ගෙන් සමන්විත කෘතහස්ත කාර්ය මණ්ඩලයක් පාරිසරික රසායනාගාරය සතුව ඇත. මීට අමතරව සම්පත් ප්‍රමාණය අනුව පාරිභෝගික ඉල්ලීම් මත විශේෂිත විශ්ලේෂන සිදු කිරීමේ හැකියාව ද ඔවුන්ට ඇත.

පාරිසරික රසායනාගාරය යනු අපජලය, ශබ්ද දූෂණ්‍ය, වායු දූෂණය හා කම්පන නිරීක්ෂණය හා ඇගයීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ ලියාපදිංචිය ලබා ඇති රසායනාගාරයකි.

පාරිසරික පුහුණුව හා දැනුවත් කිරීම්

රසායනාගාරය තුල විශ්ව විද්‍යාල, කර්මාන්ත ආදී රාජ්‍ය හා පුද්ගලික අංශයේ ආයතන සඳහා පාරිසරික ප්‍රමිති තක්සේරුව හා කළමනාකරණය පිළිබඳව නිරතුරුව පුහුණු වැඩසටහන් පවත්වයි.

ප්‍රමිති සහතිකය සඳහා අප‍ගේ කැපවීම

විශ්ලේෂණාත්මක ධාරිතාවයන් වර්ධනය කර ගැනීම අරමුනු කර රටේ ප්‍රධාන පෙලේ රසායනාගාර මගින් පවත්වනු ලබන අන්තර් රසායනාගාර තරඟ වැඩසටහන් සඳහා රසායනාගාරය අඛණ්ඩව තම සහභාගිත්වය ලබා දේ.  වර්තමානය වන විටද ප්‍රමිති සනාථ ක්‍රමවේද යොදා ගන්නා අප ISO 17025:2005 මූලික කර ගත් රසායනාගාර ප්‍රතීතන සහතිකය ලබා සිටි.