News
බදුල්ල දිස්ත්‍රික්කයේ උඩුවර ප්‍රදේශයේ කණ්ඩි කඩාවැටීමක්..
හාලි ඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හපුවලකුඹුර ග්‍රාම නිළධාරී වසමට අයත් 6 කණුව උඩුවර ප්‍රදේශයේ නිවසක් මතට 2023.11.22 දින පස්වරු 6:00ට පමණ පස් කණ්ඩියක් කඩාවැටී ඇත.
මෙම සිදුවීමෙන් එක් නිවසකට අර්ධ හානි සිදු වී ඇති අතර නිවසේ සිටි කාන්තාවන් තිදෙනෙක් රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඉන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇත.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිළධාරීන්ගේ අධීක්ෂණයෙන් අනතුරුව තවත් එක් නිවසක් නාය අධි අවදානම් තත්ත්වයේ පවතින බව හඳුනාගෙන ඇති අතර එහි පදිංචි ජනතාව තාවකාලික වාසස්ථාන කරා යොමු කර ඇත.
⚠️⚠️⚠️ ඔබ ජීවත් වන්නේත් නායයෑම් අවදානම් සහිත කදුකර ප්‍රදේශයකනම්, නායයෑම් පූර්ව ලක්ෂණයන් පිළිබදව විමසිලිමත් වෙමු. තද වැසි සමග කණ්ඩි කඩා වැටීම් සහ නායයෑම් වලින් සිදුවිය හැකි ජීවිත 🤕 සහ දේපල හානි 🏚️ අවම කර ගනිමු.🙋♂️🚶♂️🏃♂️
මහනුවර දිස්ත්‍රික්කයේ පේරාදෙණිය නගරය ආශ්රිත ව බෑවුම් අස්ථාවර වීමක්..
ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පේරාදෙණිය ග්‍රාම නිලධාරී වසමේ පේරාදෙණිය හන්දිය ආශ්රිත ප්‍රදේශයේ බෑවුම් කොටසක් 2023.11.21 දින රාත්‍රී 11.00ට පමණ අස්ථාවර වීමකට ලක් වී ඇත.
මෙම සිදුවීමෙන් එක් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර අසල පිහිටි වෙළඳසැල් 4කට පූර්ණ හානි සිදුවී ඇත.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන්ගේ අධීක්ෂණයෙන් අනතුරුව වෙළඳසැල් 5ක් නාය අධි අවදානම් ප්‍රදේශයේ පවතින බව හඳුනාගෙන ඇති අතර එම වෙළඳසැල්වල ජනතාව වෙළඳ කටයුතුවලින් තාවකාලිකව එම ස්ථානයෙන් ඉවත්කර ඇත.
මෙම ස්ථානය 2006 සහ 2009 වර්ෂයේ දී ද නායයෑමට ලක් වූ අතර එය සැලකිල්ලට ගනිමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් අවම කිරීමේ ව්‍යාපෘතියක් අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබිණි. 2011 වසරේදී එහි පළමු අදියර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ක්‍රියාත්මක කර අවසන් කරන ලද අතර දෙවන අදියර විවිධ හේතුමත මෙතෙක් ක්‍රියාත්මක නොවුණි. එවන් පසුබිමක පසුගියදා මෙම අවාසනාවන්ත සිදුවීම එම දෙවන අදියර යෝජනා කර තිබූ කොටස ආශ්‍රිතව සිදුවූ අතර නායයෑම් අවදානම අවම කිරීමේ ව්‍යාපෘතියෙහි පලමු අදියර අවසන්කොට තිබීම හේතුවෙන් විශාල හානියක් වලක්වා ගතහැකි විය.
බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්ලැන්නෝර් ග්‍රාම නිලධාරි වසමේ ග්ලැන්නෝර් වතුයායේ නායයෑමක්.
හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ග්ලැන්නෝර් වතුයායේ B කොටස ආශ්‍රිතව 2023.11.19 දින නායයෑමක් සිදු වී ඇත. මෙම සිදුවීමෙන් ජීවිත හෝ නිවාස හානි කිසිවක් වාර්තා වී නොමැත.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිළධාරීන්ගේ අධීක්ෂණයෙන් අනතුරුව පවුල් 7ක් නාය අධි අවදානම් ලෙස හදුනාගෙන ඇති අතර එම පවුල් 7හි ජනතාව තාවකාලිකව එම ස්ථානයෙන් ඉවත්කර ඇත. තවද, ඒ අවට ජනතාවට නාය පිළිබඳ ව අවධානයෙන් සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් උපදෙස් ලබාදී ඇත.
කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පෝඩාපේ ග්‍රාම නිලධාරි වසමේ පෝඩාපේ කන්ද ආශ්රිත ප්‍රදේශයේ නායයෑමක්..
අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පෝඩාපේ කන්ද 2023.11.16 දින රාත්‍රී 9.30ට පමණ නායයෑමකට ලක් වී ඇත. මෙම සිදුවීමෙන් කිසිදු ජීවිත හෝ නිවාස හානි වාර්තා වී නොමැති අතර අසල තිබූ තේ හා රබර් වගාවට හානි සිදු වී ඇත.
මෙම නාය ස්ථානය 2016 වසරේ දී ද නායයෑමකට ලක් වූ අතර එහිදී නාය අධිඅවදානම් පවුල් 30ක් ආරක්ෂිත ස්ථාන වෙත නැවත පදිංචි කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිර්දේශ සහ තාක්ෂණික සහයෝගය ඇතිව සිදුකර ඇත. එබැවින් 2023.11.16 වන දින සිදු වූ නායයෑමෙන් ජීවිත හානි කිසිවක් වාර්තා නොවූ අතර අවදානම් සහිත නිවාස තුනක ජනතාවට අවධානයෙන් සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය උපදෙස් ලබාදී ඇත.