News
නායයෑම් හා ආපදා අවදානම් ජනාවාස වල ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැඟීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන
රත්නපුර දිස්ත්‍රික්කයේ ආපදා අවදානම් කළමනාකරණය හා සම්බන්ධ කටයුතුවල යෙදී සිටින ආයතන වල නිලධාරීන් ගේ සහභාගිත්වයෙන්, ජනතාක්ෂණ් (Janathakshan GTE Ltd) ආයතනයේ මූල්‍ය දායකත්වයෙන්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ රත්නපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය මගින් මෙම වැඩසටහන රත්නපුර දිස්ත්‍රික් ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන් 2023 ඔක්තෝම්බර් මස 31 වන දින පැවැත්විණි.
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක නායයෑම්, කණ්ඩි කඩාවැටීම්, සහ ගල් පෙරළීම් වාර්තා වෙයි
රට තුළ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් 2023 සැප්තැම්බර් මස 28 සිට ඔක්තෝබර් මස 25 දක්වා, බදුල්ල, කොළඹ, ගාල්ල, හම්බන්තොට, කළුතර, මහනුවර, කෑගල්ල, මාතලේ, මාතර, නුවරඑළිය, රත්නපුර සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල සමස්ත ආපදා සිදුවීම් 651ක් වාර්තා වී ඇති අතර එම සිදුවීම් හේතුවෙන් පුද්ගල මරණ 2ක් වාර්තා වී ඇත.
එම සිදුවීම්, නායයෑම් 55ක්, කණ්ඩි කඩාවැටීම් 358ක්, ගල් පෙරළීම් 51ක් සහ රැදවුම් බැමි අස්ථාවරවීම්, ගිලා බැසීම්, ගං ඉවුරු අස්ථාවර වීම්, දිය බුබුළු/ බොර උල්පත් මතුවීම් 95ක් ලෙස වර්ග කොට හදුනාගෙන ඇත.
තවද, පසුගිය දින කිහිපය තුළ ඉහත සදහන් දිස්ත්‍රික්කවලට අඛණ්ඩව ලැබූනු අධික වර්ෂාපතනය හේතුවෙන් එම ප්‍රදේශවල ඉහළ පස් ස්ථර සංතෘප්ත වීම මෙම ආපදා තත්ත්වය වර්ධනයෙහිලා හේතුවූ බව හඳුනාගෙනඇත. එබැවින්, නායයෑම් අවදානම් සහිත ප්‍රදේශවල ජිවත් වනජනතාව සිදුවිය හැකි නායයෑම්, කණ්ඩි කඩාවැටීම්, ගල් පෙරළීම්, බෑවුම් කඩාවැටීම් සහ පොළව ගිලා බැසීම් පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටින ලෙසත් , නායයෑම් පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදන වලට අනුකූල වෙමින් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වන ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දන්වා සිටී.
NBRO Participate at IESL Techno 2023 Exhibition
NBRO participate at the IESL Techno 2023, from 20-22 October 2023, BMICH Colombo.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කි.මී. 101.3 – 101.5 අතර කොටසෙහි මාර්ගය අසල තිබූ කන්දෙහි කොටසක් නායයයි...
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදුව අතර කොටසේ (කි.මී. 101.3 – 101.5 අතර කොටසෙහි) මාර්ගය අසල තිබූ කන්දෙහි මීටර් 70 පමණ උස සහ මීටර් 50 පමණ පලල කොටසක් 2023.10.11 වන දින රාත්‍රී 8.20 පමණ නාය ගොස් තිබේ. නායයෑමෙන් අධිවේගී මාර්ගයේ මන්තීරු හතරෙහිම මීටර් 60 පමණ ප්‍රදේශයක් පස් මඟින් අවරණය වී තිබේ.
නාය ස්ථානය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් එදිනම (2023.10.11) රාත්රියේදී සහ අද දින (2023.10.12) පරීක්ෂාවට ලක් කරන ලද අතර අවදානම් තත්ත්වය ඉවත්කර ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය උපදෙස් අදාල අංශ වෙත ලබාදී ඇත.