ගොඩනැගිලි ද්‍රව්‍ය පරීක්ෂා කිරීම සහ ඒ පිළිබඳ තොරතුරු ගවේෂණය ගොඩනැගිලි ද්‍රව්‍ය අංශය මගින් සිදු කෙරේ. ගොඩනැගිලි ද්‍රව්‍ය පිළිබඳ රසායනාගාර සහ ස්ථානගත පරීක්ෂණ සිදු කළ හැකි පුළුල් පරාසයක භෞතික සහ යාන්ත්‍රික පරීක්ෂණ උපකරණ ගොඩනැගිලි ද්‍රව්‍ය අංශය සතු ය. අනුග්‍රාහකයන්ගේ අවශ්‍යතා ඉටු කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිතිවලට අනුකූලව හෝ වෙනත් ප්‍රමිති රහිත පිරිවිතරයන්ට අනුකූල වන අයුරින් ඉදිකිරීම් කර්මාන්තය සඳහා පරීක්ෂණ සහ උපදේශන සේවා ගොඩනැගිලි ද්‍රව්‍ය අංශයේ නිපුණතා පූර්ණ සුදුසුකම්ලත් කාර්යමණ්ඩලය විසින් සපයනු ලැබේ.
ගොඩනැගිලි ද්‍රව්‍ය අංශයේ අංශ ප්‍රධානි ඇමතීමෙන් සේවාවන් ලබා ගත හැකි වනු ඇත.







අංශ