ප්‍රාදේශීය අවශ්‍යතාවලට අනුකූල වන පරිදි, පාංශු යාන්ත්‍ර විද්‍යාව, ඉංජිනේරු භූ විද්‍යාව සහ අත්තිවාරම් සැලැස්ම යන ක්ෂේත්‍රයන් හී භූ තාක්ෂණ පරීක්ෂණ, ඒ පිළිබඳ තොරතුරු ගවේෂණය සහ උපදේශන සේවා භූ තාක්ෂණ ඉංජිනේරු අංශය ඉටු කර යි. මෙම අංශය ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය භූ තාක්ෂණ ඉංජිනේරුමය සේවා සපය යි. ඉදිකිරීම කර්මාන්තය සඳහා එබදු සේවා සැපයීම මගින්, වැඩි දුර පර්යේෂණ සහ සංවර්ධනය සිදු කළ යුතු ක්ෂේත්‍ර හඳුනාගනු ලැබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ භූ තාක්ෂණ ඉංජිනේරු අංශයේ පාංශු පරීක්ෂණ රසායනාගාරය, සුපිරි රසායනාගාර පහසුකම් සහිතව මනා පුහුණුව ලත් රසායනාගාර කාර්යමණ්ඩලයක් සේවය කරන රසායනාගාරයකි.
භූ තාක්ෂණ ඉංජිනේරු අංශයේ අංශ ප්‍රධානි ඇමතීමෙන් සේවාවන් ලබා ගත හැක.








අංශ