භූ තාක්ෂණික පරීක්ෂණ සහ ගවේෂණ
පවතින පහසුකම්
ක්ෂේත්‍ර උපරකණ
- සියළු උපාංග සමග මීටර් 100 දක්වා විදීමට හැකි පාෂාණ විදුම් යන්ත්‍රය (Acker වර්ගය ) (01 යි)
- සියළු උපාංග සමග මිටර් 100 දක්වා ගැඹුරට විදීමට හැකි පාෂාණ විදුම් යන්ත්‍ර (Diamond Core drilling machine) (02 යි).
- සියළු උපාංග සමග මීටර් 50 දක්වා ගැඹුරට විදීමට හැකි, සහ රෝද සවිකර ඇදගෙන යා හැකි ට්රoක් රථයක ගෙන යා හැකි පාෂාණ විදුම් යන්ත්‍ර (Simco Truck mounted Diamond Core drilling machine) (01 යි).
- සියළු උපාංග සමග මීටර් 50 ගැඹුරට විදීමට හැකි විදුම් යන්ත්‍ර (Diamond Core drilling machine) (01 යි).
- පාංශු වැරගැන්නුම් (soil nailing) යන්ත්‍ර (01 යි).
- සියළු උපාංග සමග මීටර් 30 ගැඹුරට විදීමට හැකි, වගුරු බිම්වලට සුදුසු සැහැල්ලු බරෙන් යුත් විදුම් යන්ත්‍ර (Wash boring derrick) (04 යි).
- Plate Bearing පරීක්ෂණ උපකරණ සහ උපාංග - (කට්ටල 01 යි).
- Vane Shear පරීක්ෂණ යන්ත්‍ර (01 යි).
- සම්මත විනිවිදුම් පරීක්ෂණ Standard Penetration test උපකරණ (10 යි).
- ABME Terrameter ප්‍රතිරෝධකතා (Resistivity) මීටර (01 යි).
- අක් වෙරළෙහි මීටර් 16 ට වැඩි ගැඹුරකට විදිය හැකි යාත්‍රාවක් (Barge) මෙය හර විදුම් සඳහා භාවිතා කරන ලදී. (යාත්‍රා 01 යි).
- නියැදි නළ (Sampling tubes) තුනී තහඩු තඹ නල - මීටර් 75 – 100 පිස්ටන් නියැදිකාරක (30 යි).
- මැකින්ටොෂ් (Mackintosh) උපකරණ (කට්ටල 03 යි).
- හර නියැදිකාරකයන් - නළ 02 සහ නළ 03.
- අත් විදිනයන් (auger) (කට්ටල 04 යි).
රසායනාගාර උපකරණ

- Cone penetrometer උපකරණ (සංඛ්‍යාව 02 යි).
- සංඝාටන (Consolidation) උපකරණ (සංඛ්‍යාව 11 යි)
- ත්‍රි ආක්ෂක වික්‍රියාව සෙවීමේ පරීක්ෂණ උපකරණ (Tri axial testing apparatus) (සංඛ්‍යාව 04 යි)
- GDS උපකරණ (01 යි).
- Direct shear උපකරණ (06 යි).
- Proctor සුසංහසන (compaction) යන්ත්‍ර - අතින් ක්‍රියාකරවන (07 යි).
- Proctor සුසංහසන (compaction) යන්ත්‍ර - ස්වයංක්‍රීය (01 යි).
- CBR උපකරණ (04 යි).
- හැකිලීමේ (Shrinkage) සීමා උපකරණ (01 යි)
අතීතයේ දී සිදු කළ පාංශු ගවේෂණ (වෙරළෙහි සහ අක් වෙරළෙහි)

- කොළඹ වරායේ පුනරුත්ථාපන ව්‍යාපෘතිය (Oriental Consultant Company Limited, 2010).
- හලාවත යෝජිත වරාය භූමි භාගය සඳහා පාංශු ගවේෂණ (Halcrow Group Ltd, 2002).
- හම්බන්තොට මුහුදු වරාය සංවර්ධන ශක්‍යතා අධ්‍යයනය (SNC Lavalin International Inc, 2002).
- කැලණි දකුණු ඉවුර ජල පිරියම් යන්ත්‍රාගාරයක් (ජතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය, 2003).
- වෙරළ සම්පත් කළමනාකරණ ව්‍යාපෘතිය (ජාතික ජලජ සම්පත් අධිකාරිය, 2002).
- සීදුව සිංහපුරයේ (Lion City) නළ ලිං ඉදිකිරීම (The Finance Co. Ltd, 2002).
- ජා ඇල / ඒකල, මොරටුව, රත්මලාන අපජල බැහැර කිරීමේ ව්‍යාපෘතිය (Environment Management Ltd, 2003)
- දක්ෂිණ ලංකා ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතිය (Kumagai Gumi Co. Ltd, 2004)
- ඇඹිලිපිටිය භූ ලක්ෂණ සමීක්ෂණය (ACE Power(Pvt.) Ltd, 2004)
- ඇඹිලිපිටිය සඳහා පාංශු ගවේෂණය (ACE Power(Pvt.) Ltd, 2004)
- ඇඹිලිපිටිය නළ ළිද (ACE Power(Pvt.) Ltd, 2004)
- කොළඹ කටුනායක අධිවේගී මාර්ග ව්‍යාපෘතිය (SMEC International, 2004)
- හංවැල්ලේ යෝජිත ජල පිරියම් යන්ත්‍රාගාර භූමි භාගය (ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය - 2005)
- මහ කොළඹ පල්දෝරු ව්‍යාපෘතිය - මාදම්පිටිය පල්දෝරු නළය (ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය - 2005)
- බොරැල්ලේ මහල් විශාල සංඛ්‍යාවක් ඇති ගොඩනැගිල්ල සඳහා පාංශු ගවේෂණය (නාගරික සංවර්ධන අධිකාරිය, 2005)
- ඇඹිලිපිටියේ බලාගාරය සඳහා පාංශු ගවේෂණය (ACE power Com. Ltd, 2005)
- ඇඹිලිපිටිය බලාගාරය - භූ ලක්ෂණ සමීක්ෂණය (ACE power Com. Ltd, 2005)
- ඇඹිලිපිටිය බලාගාරය සඳහා නළ ළිඳ - II වන අදියර (ACE power Com. Ltd, 2005)
- ලුනාව පාරිසරික ව්‍යාපෘතිය - I අදියර (ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව - 2005)
- ලුනාව වැව (Lake) සංවර්ධන ව්‍යාපෘතිය - II අදියර (ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව - 2005)
- විද්‍යා උපකරණ උපයෝජනය සහ පසුවිපරම - දකුණු ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතිය (Kumagai Gumi Com. Ltd, 2005)
- දක්ෂිණ ලංකා ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතිය සඳහා පාංශු ගවේෂණය (Kumagai Gumi Com. Ltd, 2005)
- නුවර දකුණ ජල සම්පාදන ව්‍යාපෘතිය (ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය, 2005)
- නුවරඑළිය ජල සම්පාදන ව්‍යාපෘතිය (ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය, 2005)
- මඩකලපුවේ උන්නච්චි වැව සඳහා පාංශු ගවේෂණය (SMEC International (Pvt.) Ltd, 2005)
- කෙරවලපිටිය 300MW යුගදනවි බලාගාරයට පිවිසෙන මාර්ගය (ලංකා විදුලි බල මණ්ඩලය, 2005)
- මඩකලපුවේ මෙයියන්කුලම් වැවේ ඉවුර බිඳුන කොටස සඳහා පාංශු ගවේෂණය (වාරි මාර්ග දෙපාර්තමේන්තුව, 2005)
- මඩකලපුවේ උන්නච්චි වැව සඳහා පාංශු ගවේෂණය - අතිරේක වැව (SMEC International (Pvt.)Ltd, 2005)
- මුත්තූර් ජල සම්පාදන ව්‍යාපෘතිය සඳහා පාංශු ගවේෂණය (ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය, 2005)
- මඩකලපුව ජල සම්පාදන යෝජනා ක්‍රමය සඳහා පාංශු ගවේෂණය (ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය, 2005)
- හම්බන්තොට ජල සම්පාදන ව්‍යාපෘතිය සඳහා පාංශු ගවේෂණය (ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය, 2005)
- පොළොන්නරුව ජල සම්පාදන ව්‍යාපෘතිය සඳහා පාංශු ගවේෂණය (ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය, 2005)

- යාපනය විශ්වවිද්‍යාලය සඳහා යෝජිත කෘෂිකර්ම පීඨය (ගොඩනැගිලි දෙපාර්තමේන්තුව, 2005)
- JBIC ආධාර ලබන පළාත් මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය - I වන අදියර (Nippon Koei Company Ltd, 2005)
- අස්ගිරියේ ස්ථාපිත කරන යෝජිත නුවර ජල සම්පාදන ව්‍යාපෘතිය (Thaisei Corporation, 2005)
- පේදුරුතුඩුවේ ජල සම්පාදන යෝජනා ක්‍රමය සඳහා පාංශු ගවේෂණය (ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය, 2005)
- කළු ගඟ ජල සම්පාදන ව්‍යාපෘතිය සඳහා පාංශු ගවේෂණය (China Geo Engineering Com (Pvt) Ltd, 2006)
- කුරුණෑගල සහ අවට ජල සම්පාදන සහ සනීපාරක්ෂක ව්‍යාපෘතිය සඳහා පාංශු ගවේෂණය (ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය, 2006)
- JBIC ආධාර ලබන සබරගමුව මධ්‍යම පළාතේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය (Nippon Koei Company Ltd, 2006)
- ඉරණමඩු වැව පුනරුත්ථාපන යෝජනා ක්‍රමය සඳහා භූ තාක්ෂණ ගවේෂණ (වාරි ජලය ලබන දෙවන ඊසාන කෘෂිකර්ම ව්‍යාපෘතිය, 2006)
- බහිරවකන්ද සේවා ජලාශය සඳහා අතිරේක පාංශු ගවේෂණය (ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය, 2006)
- හංවැල්ලේ යෝජිත ජල පිරියම් යන්ත්‍රාගාර භුමි භාගය (ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය, 2006)

- කොට්ටාව සිට දොඩංගොඩ දක්වා දකුණු ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතිය සඳහා භූ තාක්ෂණික ගවේෂණ (පැකේජය I) ව්‍යුහ (China Harbour Engineering Company, 2007)
- කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ඉරනමඩු සමූපකාර රෝහල (Sudar Construction(Pvt.) Ltd, 2007)
- කිරුලපොනේ එඩ්මන්ටන් පාරේ මහල් 18 කින් යුත් ගොඩනැගිල්ලක් තැනීම (HDFC Bank, 2007)
- ඉවුරු සඳහා අතිරේක භූමිභාග ගවේෂණය කිරීම (China Harbour Eng. Co. (Group), 2007)
- යෝජිත ආරක්ෂක පාසල් ව්‍යාපෘතිය (Muditha Jayakody Associates, 2007)
- මැනින් ටවුමේ නිවාස යෝජනා ක්‍රමය තුළ විවාහකයන් සඳහා යෝජිත නිවාස තැනීම (ශ්‍රී ලංකා හමුදාව, 2007)
- ගම්පහ නගරයේ යෝජිත ගොඩනැගිලි (මහ නගර සභාව, ගම්පහ, 2007)
- පොල්හේන්ගොඩ ප්‍රදේශයේ පල්දෝරු ඉදි කිරීම් (කොළඹ මහ නගර සභාව, 2007)
- බණ්ඩාරවෙල යෝජිත පස් මහල් ගොඩනැගිල්ල (බණ්ඩාරවෙල සමූපකාරය, 2007)

- කුණ්ඩසාලේ ජල සම්පාදන යෝජනා ක්‍රමය (ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය, 2007)
- මීරිගම පිහිටි මීරිගම අපනයන පිරිසැකසුම් කලාපයේ ජලය ලබාගන්නා ව්‍යුහය සඳහා ඉවුරු ආරක්ෂාව (ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, 2008)
- දකුණු ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතිය - කැපූ බෑවුම ගවේෂණය (Taisei Corporation, 2008)
- මැදිරිගිරිය සහ මනම්පිටියේ යෝජිත ජල සම්පාදන යෝජනා ක්‍රමය (ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය, 2008)
- මැදිරිගිරියේ යෝජිත ජල පිරියම් යන්ත්‍රාගාරය සහ මනම්පිටියේ ජල කුළුණ (ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය, 2008)
- ගාළු දිස්ත්‍රික්කයේ නියාගම යෝජිත ජාතික වෘත්තීය පුහුණු ආයතනය (ජාතික වෘත්තීය පුහුණු ආයතනය, නියාගම, 2008)

- හැටන් නගරයේ මානික්කපිල්ලයාර් හින්දු කෝවිල සඳහා පාංශු ගවේෂණය (යොවුන් රැකියා නියුක්තිය සහ සමාජ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, 2008)
- මඩකලපුවේ ඔඩ්ඩමාවඩි පාලම සඳහා භූ තාක්ෂණ ගවේෂණ (Progress Builders & Resorts (Pvt.) Ltd, 2008)
- මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ කාර්යාල ගොඩනැගිල්ල සඳහා පාංශු ගවේෂණය (මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාව, 2008)
- මහනුවර සහ අවට ප්‍රදේශය සඳහා ජල සම්පාදන ව්‍යාපෘතිය - සේවා ජලාශ ඉඩම් සහ රුප්පේලිඳ මාර්ග ඉදිකිරීමේ භූමිභාග (ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය, 2008)
- රට හරහා නළ මාර්ගය සඳහා භූ තාක්ෂණ සමීක්ෂණය (Ceylon Petroleum Storage Terminal Limited, 2008)
- දකුණු ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතිය සිදුකරන ඉදිකිරීම අධීක්ෂණය - පැකේජය I සහ පැකේජය II (Oriental Consultant Ltd, 2009)
- හම්බන්තොට දිස්ත්‍රික්කයේ බරටකන්දේ 1200 kw සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සඳහා පාංශු ගවේෂණය (Japan International Cooperation System, 2009)
- STDP - 23 + 342 ස්ථානයෙහි පිහිටි River Bridge සඳහා භූමිභාග ගවේෂණය (Chaina Habour Engineering Corporation, 2009)
- මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා යෝජිත තෙමහල් කාර්යාල සංකීර්ණය සඳහා පාංශු ගෙව්ෂණය (මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, 2009)
- අනුරාධපුර ආයුර්වේද රෝහල සඳහා යෝජිත සිව් මහල් ගොඩනැගිල්ල සඳහා පාංශු ගවේෂණය (පළාත් ඉංජිනේරු දෙපාර්තමේන්තුව - උතුරු මැද පළාත, 2009)
- පිදුරුතලාගල කඳු මුදුනේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා තෙමහල් සංනිවේදන ගොඩනැගිල්ලක් ඉදි කිරීම සඳහා පාංශු ගවේෂණය (ශ්‍රී ලංකා ගුවන් හමුදාව, 2009)
- හම්බන්තොට සූරියවැව යෝජිත ක්‍රිකට් ක්‍රීඩාංගනය සඳහා පාංශු ගවේෂණය (ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, 2009)
- සේවක අර්ථසාධක අරමුදල සඳහා යෝජිත ලේකම් කාර්යාල ගොඩනැගිල්ල (කම්කරු දෙපාර්තමේන්තුව, 2009)
- කළුතර යෝජිත ගබඩා ගොඩනැගිල්ල සඳහා පාංශු ගවේෂණය (ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය, 2010)

- ත්‍රිකුණාමලයේ ශ්‍රී ලංකා නාවුක හමුදාවේ නැව් තටාකාංගනය අසල යෝජිත තෙමහල් ගොඩනැගිල්ල (ශ්‍රී ලංකා නාවුක හමුදාව, 2010)
- STDP සඳහා අතිරේක පාංශු ගවේෂණ (CVC අත්හදා බැලීමේ පෙදෙස) Vane Shear Test (Taisei Corporation, 2010)
- බත්තරමුල්ලේ යෝජිත ඛනිජ තෙල් සම්පත් සංවර්ධන මධ්‍යස්ථානය සඳහා පාංශු ගවේෂණ (රාජ්‍ය සංවර්ධන සහ ඉදිකිරීම් සංස්ථාව, 2010)
- නාවක්කුලී සහ මන්නාරම (A 32) මාර්ගයෙහි කි.මී. 67 ක් පුනරුත්ථාපනය කොට වැඩි දියුණු කිරීමට මිහිවිදමන් ගවේෂණය (China Harbour Engineering Co., 2010)
- බෝට්ටු අංගනයෙහි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් යෝජිත පිළිගැනීමේ දෙමහල් ශාලාව සඳහා පාංශු ගවේෂණය (ශ්‍රී ලංකා ගුවන් හමුදාව, 2010)
අවසන් යාවත්කාලීන කිරීම 2012 අගෝස්තු 01 වෙනි බදාදා, 05:07