ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, ආපදා කළමනාකරණ මධ්යරස්ථානය සහ JICA ආයතනය සහභාගි වූ, නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ ක්රි්යාවලියට සම්බන්ධ ආයතනයන්හි පෙර සූදානම ශක්තිමත් කිරීම උදෙසා සංවිධානය කරන ලද නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ පෙර හුරුවක් 2011 අගෝස්තු මස 01 දින දී පැවැත්වුනි. කලින් සැලසුම් කරන ලද වැඩසටහනට අනුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් අධ්යනයන හා සේවා අංශය විසින්, 2011 අගෝස්තු මස 01 දින 14:00 පැය ට, පිලිවෙළින් රත්නපුර, කෑගල්ල, හාළි ඇල, සහ වලපනේ යන ප්රා දේශීය ලේකම් කොට්ඨාස වලට අයත්, හෙල උඩ, බෝගල, ගොඩේගම සහ අලකොල වැව යන ග්රාවම නිලධාරි වසම් වල නායයෑම් ඇති විය හැකි බැවින් විමසිලිමත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්යකස්ථානය වෙත පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරන ලදී. ආපදා කළමනාකරණ මධ්ය ස්ථානය විසින් එම නිවේදනය අදාල ප්රාවදේශීය ලේකම් වරුන් මාර්ගයෙන් ග්රාළම නිලධාරීන් වෙත දැනුම් දෙන ලදී. නැවතත් එදිනම සවස 14:44 පැය ට, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ඉහත ග්රා.ම නිලධාරී වසම් සඳහා දෙවෙනි වරටත් නිවේදනයක් නිකුත් කරමින්, එම ප්රගදේශ වලින් ඉවත් වීමට සූදානම් වන ලෙස ආපදා කළමනාකරණ මධ්යනස්ථානය වෙත දැනුම් දෙන ලදී. ආපදා කළමනාකරණ මධ්යලස්ථානය එම දෙවෙනි නිවේදනයද අදාල ප්රානදේශීය ලේකම් වරුන් මාර්ගයෙන් ග්රාගම නිලධාරීන් වෙත නැවතත් දැනුම් දුනි. කොළඹ ප්ර ධාන කාර්යාලයෙන් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයන් නිකුත් කිරීමට අමතරව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධාන විද්යා ඥයෝ ප්රාිදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ද මෙම අභ්යාගසය සඳහා සහභාගි වූහ.






