ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වායු ගුණාත්මක නිරීක්ෂණ මධ්‍යස්ථාන මගින් ලබාගත් වායු ගුණාත්මක දත්ත වලට අනුව ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශවල, 2020 ඔක්තෝබර් 27 සිට වායු ගුණාත්මක මට්ටම සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බවට වාර්තාවිය.

මෙම හදිසි වායු දූෂකවල වැඩිවීම විශේෂයෙන් ඉතා කුඩා අංශුමය ද්‍රව්‍ය PM 2.5 මට්ටමට සාපේක්ෂව ඉහළ අගයක පැවතුන අතර (US AQI of 100-150, PM2.5>35mg/m3) මෙම කාලය තුළ ළදරුවන්, වැඩිහිටියන්, ගර්භනී කාන්තාවන් සහ හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් පෙළෙන පුද්ගලයින් වැනි සංවේදී කණ්ඩායම් වලට බලපෑම් කළ හැකි මට්ටම්ක පැවතිනි. කෙසේ වෙතත්, දූෂක මට්ටම් 2020 නොවැම්බර් මස 3 වන දින සිට අඩු වෙමින් පවතින අතර 2020 නොවැම්බර් 4 වන දින වනවිට මධ්‍යස්ථ මට්ටමක් දක්වා  (US AQI level of 50–100, 18mg/m3 <PM2.5 < 35mg/m3) පත්ව ඇතිබව පහත රූපසටහනේ දැක්වේ.

aqn2

ශ්‍රී ලංකාවේ වායු දූෂණ මට්ටම අඩුවීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ රට වටා සුළං රටාව වෙනස් වීම නිසා අන්තර් දේශසීමා ආචරණය මගින් සිදුවන දූෂක දායකත්වය අඩු වීමයි. කෙසේ වෙතත්, අන්තර් දේශසීමා ආචරණ දූෂණ දායකත්වය තවමත් පවතින අතර තීව්‍රතාවය පමණක් අඩුව ඇති බව එයාර් විෂුවල් (Air Visual) වෙබ් අඩවියේ 2020 නොවැම්බර් 4 වන දින පෙ.ව. 12.00 වන විට ඇති ලෝක වායු ගුණ ව්‍යාප්ති දත්තයන්ට අනුව පහත රූපය මගින් පැහැදිලිව පෙන්නුම් කරයි.  මේ තත්වය අනුව, රට වටා සුළං රටාවෙි සිදුවන වෙනස්වීම් වලට සාපේක්ෂව  වර්තමාන දූෂක මට්ටම් ඉදිරි දින කිහිපය තුළ තවදුරටත් අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

aqn1

පාරිසරික අධ්‍යයන හා සේවා අංශය

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය