NY3

‘’රට හදන සෞභාග්‍යයේ  දැක්ම’’ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ඵලදායී පුරවැසියෙක්, සතුටින් ජීවත්වන පවුලක්, ගුණගරුක, විනගරුක සාධාරණ සමාජයක් සහ සෞභාග්‍යමත් දේශයක් වන චතුර්විධ අරමුණු ජය ගැනීම සඳහා වූ වැඩපිළිවෙලට අනුගත වෙමින් 2021 රාජකාරී අරඹන පළමුවන දිනය වන ජනවාරි මස පළමු දින රාජ්‍ය සේවකයින්ගේ සහභාගීත්‍වයෙන් ක්‍රියාත්මක විශේෂ වැඩසටහනට සමගාමී ව  ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ද  නව වසර සැමරුම අධ්‍යක්‍ෂ ජනරාල්තුමා ඇතුලු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සහ කාර්ය මණ්ඩලය සීමිත කොටසකගේ සහභාගීත්‍වයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූල ව සිදු කෙරිණි. 

ජාතික ධජය එසවීම, ජාතික ගීය ගායනය, රණ විරුවන් ඇතුලු දේශය වෙනුවෙන් දිවි කැප කළ සියලු දෙනා සඳහා විනාඩි දෙකක නිශ්ශබ්දතාව ආරක්‍ෂා කිරීම සහ රාජ්‍ය සේවා ප්‍රතිඥාව/දිවුරුම කියවනු ලැබිණ.  ඉන් අනතුරු ව, කොවිඩ් වෛරස ව්‍යාප්තිය වලක්වා ගැනීම සඳහා පුද්ගල හා සමාජ සතු වගකීම මැයෙන් දේශනයක් ද, සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් සඳහා කාර්ය මණ්ඩලයේ දායකත්වයේ අවශ්‍යතාවය පදනම් කරගෙන අධ්‍යක්‍ෂ ජනරාල්තුමා විසින් ද කෙටි දේශනයක් පවත්වන ලදී.  මෙම අවස්ථාව සඳහා අනෙකුත් සියලුම සේවක මණ්ඩලය Zoom තාක්‍ෂණය ඔස්සේ සහභාගී කරගැනීමට ද කටයුතු කෙරිණ.

NY1   NY2