IMAGE

මිනිස් ක්‍රියාකාරකම් මගින් දූෂිත වාතයට නිරාවරණය වීම ඔබේ සෞඛ්‍යයට බෙහෙවින් අවදානම් විය හැකි බැවින් ඔබ අවශ්වාස කරන වාතයේ ගුණාත්මකභාවය ඔබට ඉතා වැදගත් වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, දූෂිත පරිසර වාතය ආශ්වාස කිරීම හේතුවෙන් සෑම වසරකම මිලියන 4.2 ක් මිය යන අතර දූෂිත ගෘහස්ථ වාතය ආශ්වාස කිරීම හේතුවෙන් මිලියන 3.8 ක් පමණ මිය යති. එසේම, දූෂිත වාතයට නිරාවරණය වීමෙන් ඔබේ ශ්වසන පද්ධතිය දුර්වල විය හැකි අතර ශ්වසන රෝග ද ඇති විය හැක. එමනිසා, ඔබේ සෞඛ්‍යය හා සම්බන්ධ අවදානම හඳුනා ගැනීම සඳහා ඔබ කාර්යාලය, නිවස, වාහනය හෝ එළිමහන් පරිසරය තුළ නිරාවරණය වන වාතයේ ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම ඉතා වැදගත් වේ. ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් වාතයේ PM1, PM2.5, PM10, සහ CO2 ම්ට්ටම් නිවැරදිව මැනීම සඳහා ඇල්ගොරිතම සමඟ උසස් සංවේදක තාක්‍ෂණය උපයෝගී කර ගනිමින් අඩු වියදම් අඛණ්ඩ තත්‍ය කාලීන වායු තත්ත්ව අධීක්ෂණ මෙවලමක් නිර්මාණය කර ඇත.

දූවිලි අංශු මැනීම සඳහා සම්මත ක්‍රමයක්වන බීටා කිරණ තාක්‍ෂණය සමඟ මෙම උපකරණයේ දත්තයන් සමගාමී වේ.  එමනිසා, මෙම අතේ ගෙන යා හැකි උපකරණය අවම නඩත්තු කිරීමකින් අඩු පිරිවැයකින් නිවැරදි මිනුම් ලබාගැනීමට හැකියාව ඇත. මෙම උපකරණය මඟින් එම මොහොතේ දත්ත ගබඩා කිරීම සහ හුවමාරු කිරීමේ පහසුකම් ඇත. උපකරණයේ ඩිජිටල් පුවරුව වත්මන් වාතයේ ගුණාත්මක මට්ටම සෘජුව ම පෙන්වන අතර අවශ්‍ය නම් පරිගණකය භාවිතයෙන් එම දත්ත බාගත කර ගැනීමට හෝ වෙබ් අඩවිය හරහා දත්ත පරිශිලනය කල හැකිය.

ඔබ වටා ඇති වාතයේ ගුණාත්මකභාවය අවම පිරිවැයකින් නිරීක්ෂණය කළ හැකි අතර කඩිනමින් හඳුන්වාදීමට නියමිතය.

විස්තර පත්‍රිකාව මෙතැනින් බාගත කරගන්න