Landslide risk in 18 schools in Kandy successfully mitigatedS1

සෑම වසරකම පශ්චාත් ආපදා සහන, පුනරුත්ථාපන හා ප්‍රතිසංස්කරණ සඳහා මහජන මුදල්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් වැය වේ.  නායයෑම් මිනිස් ජීවිත තර්ජනයට ලක්වන, ශාරීරික ආබාධ ඇති කරන සහ ඔවුන්ගේ ජීවනෝපායන් කෙරෙහි බලපෑම් ඇති කරන අතර ඔවුන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් ද කම්පනයකට පත්කරයි. පාසල් පරිශ්‍රයන්හි නායයෑම් සිදු වූ විට සැලකිය යුතු තරමේ අහිංසක ජීවිත අවදානමට ලක් වේ. පාසල් ගොඩනැඟිලි හා ඒ ආශ්‍රිත යටිතල පහසුකම් වලට සිදුවන හානිය අධ්‍යාපනය හා සෞඛ්‍යයට ද දිගු කාලීන බලපෑම් ඇති කරයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් වරින් වර සිදු කරන ලද විමර්ශන මත පදනම්ව, පහත වගුවේ ලැයිස්තුගත කර ඇති පාසල් දහඅටක් නායයෑම්වලට ගොදුරු විය හැකි බව හඳුනාගෙන ඇත. මහනුවර දිස්ත්‍රික්කයේ එම පාසැල් දහඅට අතුරින් සමහර පාසල් රටේ ප්‍රමුඛ පෙළේ ජාතික පාසල් වන අතර ඒවා මහනුවර නගර මධ්‍යයේ පිහිටා ඇති අතර ආරක්ෂිත හා සුදුසු ඉඩම් කට්ටි ආසන්නයේ නොතිබීම නිසා එම පාසල් ආරක්ෂිත ස්ථානයකට ගෙන යාම ද ආර්ථිකමය වශයෙන් ලාබදායක නොවේ.

එබැවින්, මහනුවර දිස්ත්‍රික්කයේ පාසල්වල නායයෑම් අවදානම අවම කිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ එවකට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය විසින් තාක්ෂණික යෝජනාවක් ඉදිරිපත් කරණලදි. එම යෝජනාව රජය විසින් පිළිගත් පසු, ශ්‍රී ලංකා විස්තීර්ණ දේශගුණික අවදානම් අවම කිරීමේ වැඩසටහන යටතේ ලෝක බැංකුව විසින් අරමුදල් සපයනු ලබන දේශගුණික අවබලපෑම් අවමකිරීමේ ව්‍යාපෘතියේ (CRIP) පාසල් ආරක්ෂණ වැඩසටහන යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ පාසල්වල නායයෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී.

මේවන විට පාසල් ආරක්ෂණ වැඩසටහන සාර්ථකව නිම කර ඇති අතර තෝරාගත් පාසල් 18 න් සිසුන් 30,000 ක් පමණ සහ වර්ග කිලෝමීටර් 150 ක පමණ භූමි ප්‍රමාණයක් මෙම ව්‍යාපෘතිය තුළින් ආරක්ෂා කර ගත හැකිවූ බව පැවසීම සතුටට කරුණකි. සිදු කරන ලද බෑවුම් අස්ථායිතා නිවැරදි කිරීම මඟින් මෙම පාසල්වලට ඇති නායයෑම් තර්ජනය අවම කර ගත හැකි වූ අතර පාසැල්වල මුල් ස්ථානයෙහි අඛණ්ඩ ක්‍රියාකාරිත්වය සුරක්‍ෂිත කළ අතර වර්තමාන සිසුන්ගේ පමණක් නොව අනාගත පරපුරේ දරුවන්ගේ අඛණ්ඩ අධ්‍යාපනය සහතික කර ඇත

Landslide risk in 18 schools in Kandy successfully mitigatedS2

වගුව 01: අවදානම් අවම කිරීම සඳහා තෝරාගත් පාසල් 18

Landslide risk in 18 schools in Kandy successfully mitigatedST1

Landslide risk in 18 schools in Kandy successfully mitigatedS3