NBRO and DMC Hambantota District Unit conducts Training Program for Hambantota District Technical S1

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO), හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සමඟ එක්ව හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතනවල තාක්ෂණික නිලධාරීන් සඳහා ‘ආපදා අවදානම අවම කිරීම සහ ආපදාවලට ඔරොත්තු දෙන ඉදිකිරීම් තාක්ෂණයන්’පිළිබඳ පුහුණු වැඩසටහනක් පසුගියදා පවත්වන ලදී. තාක්ෂණික නිලධාරීන් කණ්ඩායම් දෙකකට බෙදා අදියර දෙකක් යටතේ වැඩසටහන පැවැත්විණි. පළමු වැඩසටහන 2021 දෙසැම්බර් 2 වන දින හම්බන්තොට දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වන ලද අතර දෙවන වැඩසටහන 2021 දෙසැම්බර් 3 වන දින තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

NBRO and DMC Hambantota District Unit conducts Training Program for Hambantota District Technical Officers S2

හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයෙහි සහකාර අධ්‍යක්ෂ විංග් කමාන්ඩර් ප්‍රභාත් මොලිගොඩ විසින් ආපදා අවදානම් කළමනාකරණය සහ සංවර්ධනය පිළිබඳ ඉදිරිපත් කිරීමක් සිදු කරන ලදී. ආපදා අවදානම අඩුකිරීමේ සංකල්පය සහ සංවර්ධනයේ සහ පාලනයේ අනපේක්ෂිත සහ නොවිසදෙණෙන ගැටළු ලෙස ආපදා මතුවී ඇති ආකාරය ඔහු අවධාරණය කළේය. ආපදා අවදානම් කළමනාකරණය සහ සංවර්ධනය අතර සම්බන්ධය සහ සංවර්ධන ව්‍යාපෘති හරහා ආපදා අවදානම අඩු කිරීමේදී තාක්ෂණික නිලධාරීන්ගේ කාර්යභාරය ඔහු තවදුරටත් විස්තර කළේය.

.

NBRO and DMC Hambantota District Unit conducts Training Program for Hambantota District Technical Officers S3

මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා වන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ දිස්ත්‍රික් නිලධාරී ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ සී.එස් මැණික්පුර මහතා සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ භූ උපද්‍රව තත්ත්වය පිළිබඳව ඉදිරිපත් කිරීමක් සිදු කරන ලදී. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක සිදු වූ නාය යෑම් සහ කන්ඩි කඩාවැටීම් මෙන්ම දිස්ත්‍රික්කයේ වාර්තා විය හැකි වෙනත් භූ උපද්‍රවයන් පිළිබඳව ඔහු සඳහනක් කළේය.

NBRO and DMC Hambantota District Unit conducts Training Program for Hambantota District Technical Officers S4

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙ හි නාගරික සැලසුම්කරු සහ විද්‍යාඥ අනුරුද්ධ විජේකුමාර මහතා විසින් අවදානම් අවම කිරීමේ ක්‍රියාකාරකම් වලදී අනුගමනය කළ හැකි ආපදා අවදානම් අවමකිරීමේ ශිල්පීය ක්‍රම සහ මාර්ගෝපදේශ පිළිබඳ ඉදිරිපත් කිරීමක් කරන ලදී. ඔහු ආපදා වලට ප්‍රත්‍යස්තිථික  සංකල්පය සහ අවදානම් අවම කිරීම සඳහා ආපදා ප්‍රත්‍යස්තිථික  සංකල්පය භාවිතා කළ හැකි ආකාරය සහ ඒ හා සම්බන්ධ ආපදා අවදානම අඩු කරන්නේ කෙසේද යන්න පැහැදිලි කළේය. ප්‍රත්‍යස්ථ මානව ජනාවාස සැලසුම් කිරීම සඳහා යොදා ගත හැකි ජනාවාස සැලසුම් ශිල්පීය ක්‍රම, සැලසුම් මාර්ගෝපදේශ සහ සැලසුම් කිරීමේදී සලකා බැලිය යුතු කරුණු පිළිබඳව ඔහු තවදුරටත් සාකච්ඡා කළේය.

NBROand DMC Hambantota District Unit conducts Training Program for Hambantota District Technical Officers S5

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙ හි තාක්ෂණික කළමනාකරු රනිල් වීරසිංහ මහතා ආපදා ප්‍රත්‍යස්තිථික ඉදිකිරීම් ශිල්පීය ක්‍රම පිළිබඳව සාකච්ඡා කළේය. ඔහු ඉංජිනේරුමය නොවන නිවසක සහ ආපදාවලට ඔරොත්තු දෙන නිවසක/ගොඩනැගිල්ලක ලක්ෂණ පැහැදිලි කළේය. නාය යෑම්, ගංවතුර, අධික සුළං සහ පාංශු විස්ථාරන සිදුවන ප්‍රදේශ වැනි විවිධ ව්‍යසනයන් සඳහා භාවිත කළ හැකි තාක්ෂණික ක්‍රම පිළිබඳව ඔහු වැඩිදුරටත් සාකච්ඡා කළේය. නිවාස/ගොඩනැගිලි ඉදිකිරීමේදී නාගරික සංවර්ධන අධිකාරියේ ගොඩනැගිලි රෙගුලාසි පිළිපැදීමේ වැදගත්කම ඔහු පැහැදිලි කළේය. ඉදිකිරීම් සඳහා ගොඩනැගිලි ද්‍රව්‍ය තෝරා ගන්නේ කෙසේද සහ ගොඩනැඟිලි ද්‍රව්‍යවල ගුණාත්මක භාවය ඉදිකිරීම්වල ප්‍රත්‍යස්ථභාවයට බලපාන ආකාරය ඔහු පැහැදිලි කළේය.

NBRO and DMC Hambantota District Unit conducts Training Program for Hambantota District Technical Officers S6

විංග් කමාන්ඩර් ප්‍රභාත් මොලිගොඩ විසින් පුහුණු සැසිය අවසන් කරන ලද අතර, කාලීන වැදගත් පුහුණු වැඩසටහනක් සංවිධානය කිරීම පිළිබඳව සහභාගි වූ කිහිප දෙනෙකු සංවිධායකයින් වෙත සිය ප්‍රසාදය පළ කළහ.

මෙම පුහුණු සැසි දෙක සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්වරයා සහ තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්තුමියද සහභාගී වූ අතර ඔවුන් විසින් පවත්වනු ලබන පුහුණු වැඩසටහනේ වැදගත්කම පිළිබඳව අදහස් දැක්වූහ.