ආරක්ෂිත ජල ලබාගැනීම මූලික මානව අයිතිවාසිකමක් වන අතර එය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සය වන තිරසාර සංවර්ධන ඉලක්කය: “ජලය තිරසාර ජීවිතය” ලෙස ද පිළිගැනේ. කෙසේ වෙතත්, ලොව පුරා සංරක්‍ෂිත ජලය ලබාගැනීම සඳහා අසමානතා පවතී. මිනිසා විසින් ඇති කරන ලද ජල දූෂණය, නිතර සිදුවන සහ ආන්තික කාලගුණික සිදුවීම්වල තීව්‍රතාවය ප්‍රජාවන් ජල උყණතාවයට ගොදුරු වීමට හේතු වේ.

පද්ධතියේ විශ්වසනීයත්වය හා සම්බන්ධ පුළුල් පරාසයක සාධක හේතුවෙන් වහලය මත පදනම් වූ වැසි ජලය රැස් කිරීම ජල උყණතාවයෙන් පෙළෙන ප්‍රජාවන් අතර තිරසාර විකල්පයක් ලෙස එතරම් ජනප්‍රිය නොවේ. එසේ වුවද, නිසි ලෙස සැලසුම් කර ක්‍රියාත්මක කරන ලද වහල වැසි ජලය රැස් කිරීමේ පද්ධති, දිගුකාලීන ජල උყණතාවයෙන් පෙළෙන ප්‍රජාවන්හි ගෘහස්ථ ජල අවශ්‍යතාව කළමනාකරණය කිරීම සඳහා තිරසාර විසඳුමක් විය හැකිය. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය  විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල දැනට පවතින වැසි ජලය රැස් කිරීමේ පද්ධතිවල (RWH) ක්‍රියාකාරීත්වය නුසුදුසු සැලසුම් සහ වැරදි ස්ථාපනයන් හේතුවෙන් සතුටුදායක ලෙස ක්‍රියාත්මක නොවන බවයි.

A DESIGN MANUAL FOR ROOFTOP RAINWATER HARVESTING FOR SRI LANKA

වර්ෂා ජලය රැස්කිරීමේ පද්ධති ස්ථාපිත කිරීමේ වැදගත්කම, ඒවායේ දුර්වලතා සහ පවතින දැනුමේ හිඩැස් හඳුනා ගනිමින්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය  විසින් 2019 වසරේ පර්යේෂණ සහ සංවර්ධන වැඩසටහන යටතේ "අනුරාධපුරයේ ගෘහස්ථ ජල හිඟය මඟහරවා ගැනීම සඳහා වහලක් මත පදනම් වූ වැසි ජලය රැස්කිරීමේ තිරසාර පද්ධති" නමින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලදී. මෙම ව්‍යාපෘතිය යටතේ, “ශ්‍රී ලංකාව සඳහා වහල වැසි ජලය රැස්කිරීමේ පද්ධති සඳහා සැලසුම් අත්පොතක්” ස්වයං මාර්ගෝපදේශක තාක්ෂණික නිර්දේශයක් ලෙස සහ තිරසාර වහල RWH පද්ධති සැලසුම් කිරීම, ඉදිකිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා මාර්ගෝපදේශයක් ලෙස සකස් කරන ලදී. එය ජලය හා සම්බන්ධ වෘත්තිකයන්, ප්‍රජා මූලික සංවිධාන සහ පාර්ශවකරුවන් සඳහා කාලෝචිත සහ අත්‍යවශ්‍ය තාක්ෂණික මෙවලමකි. අත්පොත ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ භාෂාවලින් ලබාගත හැක.

ඊට සමගාමීව, ලංකා වැසි ජල රැස්කිරීමේ සංසදයේ සහයෝගීතාවයෙන් භාවිතයට පහසු නිදහසේ ප්‍රවේශ විය හැකි මාර්ගගත වැසි ජලය රැස් කිරීමේ ගණක යන්ත්‍රයක් නිර්මාණය කරනු ලබයි. මෙම ඔන්ලයින් කැල්කියුලේටරය යාවත්කාලීන ප්‍රමාණ බිල්පත් ඇස්තමේන්තු කිරීම ඇතුළුව විවිධ ස්ථර තුනක් යටතේ නිර්මාණය කර ඇත. එය 2019 සිට 2020 දක්වා මාසික වර්ෂාපතන අගයන්, අදාළ ක්ෂේත්‍ර-ස්ථාපිත සාමාන්‍ය ගෘහස්ථ ජල අවශ්‍යතා, සම්පූර්ණ පරිශීලක මාර්ගෝපදේශයක් සහ ජල අවශ්‍යතාවය, රැස්කර ගත හැකි පරිමාව සහ ගබඩා ධාරිතාව මත පදනම්ව මාසික ජල බෙදා හැරීමේ අනුකරණ ආකෘතියක් සමඟින් කාවැදී ඇත.

නිවාස/කර්මාන්ත සඳහා වහල වැසි ජලය රැස්කිරීමේ පද්ධති සම්බන්ධ සේවාවන් සඳහා; අමතන්න,

රුවන් රුහුණුගේ (විද්‍යාඥ)
විද්‍යුත් තැපෑල: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
දුරකථන: 077 719 0811, 011 258 8946 (දිගුව: 621)
පාරිසරික අධ්‍යයන හා සේවා අංශය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය

මදාරා දිසානායක (ජේෂ්ඨ විද්‍යාඥ)
විද්‍යුත් තැපෑල: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
දුරකථන: 071 823 5494, 011 258 8946 (දිගුව: 518)
පාරිසරික අධ්‍යයන හා සේවා අංශය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය

ශ්‍රී ලංකාවේ ගෘහස්ථ වහල වැසිජලය රැස් කිරීමේ  පද්ධති සඳහා සැලසුම් (English/සිංහල/தமிழ்)

වැසිජලය රැස් කිරීම් ගණනය සදහා මෙහි පිවිසෙන්න.