කොළඹ වරාය ආසන්නයේ දී ආපදාවට ලක්වු MV X-press Pearl නෞකාවේ ඇති වූ ගින්න හේතුවෙන් වාතයේ ගුණාත්මකභාවය කෙරෙහි වන බලපෑම තක්සේරු කිරීම සඳහා තාක්‍ෂණික සහාය ලබා දෙන ලෙස ශ්‍රී ලංකා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් කරන ලද ඉල්ලීමකට අනුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (ජ.ගො.ප.ස) මගින් බලපෑමට ලක් වූ ප්‍රදේශවල වායු ගුණාත්මකභාවය පිළිබඳ පුළුල් අධ්‍යයනයක් සිදු කරන ලදී.
2021 මැයි 19 වන දින බහාලුම් 1500 කට ආසන්න ප්‍රමාණයක් රැගෙන ශ්‍රී ලංකාවේ කොළඹ වරාය වෙත පැමිණි MV X-press Pearl නෞකාව වරාය ආසන්නයේ නැංගුරම්ලා තිබිනි. මෙම නෞකාව තුල ඇති බහාලුම් බොහොමයක රසායනික ද්‍රව්‍ය අඩංගු වු අතර නයිට්‍රික් අම්ල, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, සල්ෆර් වැනි අධික ක්‍රියාකාරි හා විෂ සහිත ද්‍රව්‍ය මෙන්ම මෙතනෝල්, රූපලාවණ්‍ය රසායනික ද්‍රව්‍ය, කාබනික රසායනික ද්‍රව්‍ය වැනි ඉහළ වාෂ්පශීලී සහ ප්ලාස්ටික් යනාදි එකිනෙකට නොගැලපෙන වෙනත් ද්‍රව්‍ය වලින් ද සමන්විත විය.
නෞකාව තුල ඇතිවු ගින්නත් සමගම, නෞකාවේ ඇති රසායනික ද්‍රව්‍ය හා අනෙකුත් ද්‍රව්‍ය බොහොමයක් වියෝජනයට ලක්වීම හේතුවෙන් වාෂ්පීකරණයෙන් වායුගෝලයට එක් විය හැක. තවද රසායනික හා අනෙකුත් ද්‍රව්‍ය දහනය මත පදනම්ව නිෂ්පාදනය වන වායු දූෂක ද වායුගෝලයට එකතු වේ. ඒ අතර මූලික වායු දූෂක වලට අමතරව ඩයොක්සින්, පියුරාන් සහ අනෙකුත් කාබනික දූෂක, බැර ලෝහ සහ කාබන් ඩයොක්සයිඩ් වැනි හරිතාගාර වායූන් ද දහනයට ලක්වන ද්‍රව්‍ය හා උෂ්ණත්වය අනුව වායුගෝලයට මුදා හැරිය හැකිය. මෙසේ වායුගෝලයට එක්වන වායු දූෂක එම අවස්ථාවේ පවතින සුළං ප්‍රවාහයට අනුව ඒ අවට ප්‍රදේශය පුරා විසිරීම සිදුවේ. ඉහත නෞකාව තුල ගින්න පැවති දිනවලදී කරන ලද නිරීක්ෂණවලට අනුව, එම කාලය තුළ බටහිර හා නිරිත දෙසින් හමන සුළං පැවතීම හේතුවෙන් ජනනය වන වායු දූෂක ප්‍රධාන වශයෙන් ගොඩබිම දෙසට පැතිර යන ආකාරය දක්නට ලැබින (රූපය 1).
රූපය 1. ගින්න මගින් ජනනය වන වායු දූෂක විමෝචනය ආකාරය.
එ අනුව, ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය විසින් නෞකාවට නුදුරින් (මීටර 50 ක් පමණ දුරින්) ප්‍රදේශය තුල වාතයෙහි ගුණාත්මකභාවය අධීක්ෂණය කල අතර එහිදී ගන්නා ලද දත්තයන්ට අනුව ගින්න නීවීම සදහා යන නීලධාරීන්ට ගතයුතු ආරක්ෂනයන් පිළිබදව දැනුවත් කරණ ලදී. මෙම නෞකාව තුල ඇතිවු ගින්නේ දුම හේතුවෙන් අනිසි බලපෑමකට ලක්විය හැකි ප්‍රදේශ හඳුනා ගැනීම සඳහා පරිඝනක සිද්ධි විශ්ලේෂණ ආකෘතියක් (Incident analysis model) ක්‍රියාත්මක කර අතර ආදර්ශ පිටවීම මත පදනම්ව, ඉහළ වායු දූෂක ප්‍රමාණයක් පැවතිමේ හැකියාව ඇති ජා-ඇල අවට වර්ග කිලෝමීටර් 120 ක් ප්‍රදේශයක් හඳුනාගන්නා ලදී (රූපය 2). එම හඳුනාගත් ප්‍රදේශයේ ස්ථාන 3 කදී අඛණ්ඩව අංශුමය ද්‍රව්‍ය මට්ටම් මැනීමත් වරින් වර තෝරාගත් ස්ථානයන් හිදී අනෙකුත් තීරණාත්මක වායු දූෂක මැනීම සිදුකිරීම මගින් අධ්‍යයනය කරන ලදී.
රූපය 2. නයිට්‍රික් අම්ල නිරාවරණය සඳහා ERPG අනුව අධික බලපෑමක් ඇතිවේ යයි හඳුනාගත් අවදානම් සහිත ප්‍රදේශය
මෙම අධ්‍යයනයන්ට අනුව, නෞකාව තුල ඇතිවු ගින්න මගින් ජනනය වන වායු දූෂක සහිත දුම එම අවස්ථාවේ පැවති වැඩි වේගයක් සහිත සුළං ධාරාව මගින් පොළව මට්ටමෙන් සැලකිය යුතු තරම් ඉහලින් ගමන්කරණ බව නිරීක්ෂනය විය. ඒ හේතුවෙන් තෝරාගත් ස්ථානයන් හිදී වරින් වර මනින ලද වායු දූෂක මට්ටම් මගින් සැලකිය යුතු වායු දූෂණයක් වාර්ථා නොවිනි. කෙසේ නමුත් අඛණ්ඩ අධීක්ෂණ දත්ත මගින් පෙන්නුම් කරනුයේ කාලගුණික තත්වයේ වෙනස්වීම් සමඟ නෞකාව තුල ඇතිවු ගින්න මගින් ජනනය වන වායු දූෂක සහිත දුම විටින් විට පොළව මට්ටමට පැමිණ ඇති බවත් එම අවස්ථාවන්හිදී වායුගෝලයේ පැවති අංශුමය ද්‍රව්‍ය මට්ටම නිර්දේශිත ජාතික සංසරණ වායු ගුණ මට්ටම් ඉක්මවා ගිය අවස්ථා ඇති බවයි (රූපය 3).
MV X-press Pearl නෞකාවේ ඇතිවූ ගින්නෙන් ජනනය වන වායු දූෂකවල භූ තලය මත සාන්ද්‍රණය තක්සේරු කිරීම සඳහා වායු ගුණාත්මක විසරණය ආකෘති මෘදුකාංගයක් (Air Dispersion Model) ක්‍රියාත්මක කිරීම මගින් නිරීක්ෂනය කරන ලදී. ඒ අනුව, ගින්න පැවති කාලය තුල එමගින් ජනනය වූ වායු දූෂක සංසරණ මට්ටම් දෙගුණයකින් වැඩි කිරීමට දායක වී ඇති බව රූපය 4 මගින් පෙන්නුම් කරයි. කෙසේ නමුත් මෙම කාලය තුල COVID 19 සංචරණ සීමා තත්ත්වයක් පැවතීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුල අඩු වායු දූෂක මට්ටමක් පවතී. එමගින් නෞකාවේ ගින්නෙන් ජනනය වන වායු දූෂකවල දායකත්වය මගින් අදාල ප්‍රදේශවල වායු ගුණ තත්වය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් නොපෙන්වයි.
රූපය 3. අඛණ්ඩ අධීක්ෂණ දත්තයන්ට අනුව තෝරාගත් ස්ථානවල PM2.5 මට්ටම් නිර්දේශිත ජාතික සංසරණ වායු ගුණ මට්ටම් ඉක්මවා ගිය අවස්ථා ඇති බව
රූපය 4. ගින්නෙන් පිට වූ අංශුමය ද්‍රව්‍ය ප්‍රමණයන් සංසරණ වායු මට්ටමට දක්වන දායකත්වය