Certificate

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පාරිසරික රසායනාගාර සේවාවෙන් (ELS) දැන් ජලය, අපජලය සහ ඉදිකිරීම් ද්‍රව්‍ය පිළිබඳ නවතම ප්‍රතීතනය ලත් තත්ත්ව පරීක්ෂණ වාර්තා සපයයි. මෙම සේවාවන් පුද්ගලික හා රාජ්‍ය අංශයේ පාරිභෝගිකයන් සඳහා සහනදායි මිල ගණන් යටතේ ලබා ගත හැකිය.

ජලය, අපජල පරාමිතීන් සහ සිමෙන්ති පිළිබඳ රසායනික පරීක්ෂණ සඳහා අපගේ රසායනාගාරයට ISO 17025 (2017) සහතිකය පිරිනමන ලදී. අප ලබා දෙන සේවාවන් වල ඉහල තත්ත්ව කළමනාකරණයක් පවත්වාගන්නා අතර එමගින් අපගේ සමස්ත කාර්යසාධනය වැඩි දියුණු කිරීම, ඉහළ මට්ටමේ ගුණාත්මක හා ශක්තිමත් පාරිභෝගික සේවාවක් පවත්වා ගැනීම සහ තිරසාර සංවර්ධන සඳහා හොඳ පදනමක් සැපයීම අපගේ අපේක්ෂාවයි.

පාරිසරික රසායනාගාර සේවාවන් නවතම ජාතික හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පරීක්ෂණ පවත්වන අතර පාරිභෝගිකයන්ගේ මනාපය අනුව නිර්ණායක තෝරාගැනීමේ පහසුකම අප විසින් සපයනු ලැබේ. අප රසායනාගාරය සුදුසුකම් ලත්, පළපුරුදු සහ ඉහළ නිපුණතා ඇති විද්‍යාඥයින් සහ විශ්ලේෂකයින්ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ. සුදුසුකම් ලත් පළපුරුදු ජ්‍යෙෂ්ට විධායක කාර්යමණ්ඩලය විසින් සහතික කරන ලද හා ජාත්‍යන්තරව පිළිගත් ප්‍රතීතන ලාංඡනය සහිත අපගේ වාර්තා අධිකරණ කටයුතු හා ඉදිකිරීම් තත්ත්ව පාලන කටයුතු සඳහා විශ්වාසදායක සහ වලංගු වේ.

මීට අමතරව, අප රසායනාගාරය පාරිසරික පාරිසරික අධීක්ෂණ හා ඇගයීම් සේවා සහ පරිසර දූෂණය පාලනය කිරීමේ උපදේශක සේවා සඳහා ශ්‍රී ලංකාවේ මධ්‍යම පරිසර අධිකාරිය යටතේ ලියාපදිංචි කර ඇත. පරීක්ෂණ සේවා සපයන පිළිගත් රජයේ අංශයේ රසායනාගාරයක් ලෙස, පාරිභෝගිකයන් වෙත සැමවිටම ප්‍රමුඛතාවයක් ලබාදෙන බව අපි සහතික කරන අතර ඉහළ මට්ටමේ පාරිභෝගික සේවාවක් සපයනු ලබයි. අපගේ පාරිභෝගික සේවා අංශය පාරිභෝගික විමසීම්වලට විවෘත අතර ඔබේ අවශ්‍යතා සඳහා පිළිගත්, විශ්වාසදායක සහ කාර්යක්ෂම පරීක්ෂණ සේවාවක් නිවැරදි තෝරා ගැනීමට අපි ඔබට සහාය වන්නෙමු.

FaLang translation system by Faboba