ජාතික ‍ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ තාක්‍ෂණික අංශය ලෙස වසර 1986 පිහිටුවනු ලැබූ පාරිසරික අධ්‍යයන හා සේවා අංශය මගින් තිරසාර සංවර්ධනය හා පාරිසරික කළමනාකරණයට අවශ්‍ය තාක්‍ෂණික හා විද්‍යාත්මක යෙදවුම් සීග්‍ර සංවර්ධන ක්‍රියාදාමයන්ට එක් කිරීම සිදු කෙරේ. ගත වූ වසර ගණනාවක් තුල මෙම අංශය තම ධාරිතාවයන් පාරිසරික ක්ෂේත්‍ර ගණනාවක් තුල විහිදුවමින් උපදේශන සහ පරිසර‍යේ විවිධාකාර වූ ක්ෂේත්‍රයන්හි පරීක්‍ෂණ සේවා සපයන ආපදා කළමනාකරණ අමාත්‍යාංශය යටතේ ඇති ඉදිරිගාමී තාක්‍ෂණික ආයතනය බවට පත් වී ඇත. කර්මාන්ත, සංවර්ධකයන් සහ රාජ්‍ය ව්‍යාපෘතිවලට අවශ්‍ය නෛතික බැදීම් ඉටු කිරීමට අවශ්‍ය කරන හා පාරිසරික රෙගුලාසිවලට අනුකූල වන විවිධ පාරිසරික නිරික්ෂණ සහ උපදේශන සේවාවන් වර්තමානය වන විට ESSD සපයමින් සිටි. ස්ථානීය පරීක්ෂාව, නියැදි ලබා ගැනීම හා විමර්ශනය, නිරීක්ෂණය, අර්ථදැක්වීම් හා උපදේශනය සහ විවිධ වූ පාරිසරික තත්වයන් පර්යේෂණ හා සංවර්ධන ඇතුළුව දිවයින පුරා ආවරනය කරමින් ESSD විශේෂඥ කණ්ඩායම සේවා සලසයි.

ලබා දෙන සේවා

දශක ගණනාවක පළපුරුද්ද හා උකහා ගෙන ඇති අත්දැකීම් සම්භාරය සමඟ සළකා බලන කල, ESSD විවිධාකාර වූ පාරිසරික සේවා හා උපදේශන සඳහා අවශ්‍ය කරන අවසන් ක්ෂේත්‍ර වාර්තා ලබා දීම සිදු කෙරේ.