පැවති අධික වර්ෂාපතනය හේතුකොටගෙන මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දියලපේ ග්‍රාම නිලධාරි වසමේ තැන්නපිටහේන කන්ද 2023 ඔක්තෝබර් මස 02 වන දින නායයෑම් ලක්ෂණ පෙන්නුම් කොට තිබේ. ප්‍රදේශවාසීන් නායයාම් ලක්ෂණ හදුනාගනිමින් එම ස්ථානය පිළිබඳව දැනුවත් කිරීමෙන් පසු අදාල ස්ථානය අධීක්ෂණය කළ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ සහ ප්‍රදේශයේ රාජ්‍ය ආයතනවල නිලධාරීන් අධි අවදානම් පවුල් 06 ක් ස්ථිරවත් මධ්‍ය අවදානම් පවුල් 03 ක් තාවකාලිකවත් ඉවත් කිරීම සඳහා උපදෙස් ලබා දුනි.  2023 ඔක්තෝබර් මස 05 වන දින සවස 4.45 ට පමණ එම ස්ථානය පූර්ණ නායයෑමකට ලක්වූ අතර පෙර හඳුනාගත් අවදානම් පවුල් ඉවත් කිරීම නිසා සිදුවීමට තිබූ ඉමහත් විනාශයක් වළක්වා ගැනීමට ප්‍රදේශ වාසීන්ට, අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට හැකිවිය.

විශේෂ ස්තුතිය : නායයාම් ලක්ෂණ හදුනා ගනිමින් කඩිනමින් ඒ පිළිබඳව දැනවත් කල ප්‍රදේශ වාසී ජනතාවට සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඇතුළු ප්‍රදේශයේ රාජ්‍ය ආයතනවල නිලධාරීන් සියලු දෙනා වෙත.

WhatsApp Image 2023 10 05 at 12.35.03

WhatsApp Image 2023 10 05 at 12.35.04

WhatsApp Image 2023 10 05 at 12.35.05