දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදුව අතර කොටසේ (කි.මී. 101.3 – 101.5 අතර කොටසෙහි) මාර්ගය අසල තිබූ කන්දෙහි මීටර් 70 පමණ උස සහ මීටර් 50 පමණ පලල කොටසක් 2023.10.11 වන දින රාත්‍රී 8.20 පමණ නාය ගොස් තිබේ. නායයෑමෙන් අධිවේගී මාර්ගයේ මන්තීරු හතරෙහිම මීටර් 60 පමණ ප්‍රදේශයක් පස් මඟින් අවරණය වී තිබේ.

නාය ස්ථානය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් එදිනම (2023.10.11) රාත්‍රියේදී සහ අද දින (2023.10.12) පරීක්ෂාවට ලක් කරන ලද අතර අවදානම් තත්ත්වය ඉවත්කර ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය උපදෙස් අදාල අංශ වෙත ලබාදී ඇත.

WhatsApp Image 2023 10 12 at 12.25.05 2

WhatsApp Image 2023 10 12 at 12.25.05

WhatsApp Image 2023 10 12 at 12.25.05 1

WhatsApp Image 2023 10 12 at 12.25.02

WhatsApp Image 2023 10 12 at 12.25.02 1