රට තුළ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් 2023 සැප්තැම්බර් මස 28 සිට ඔක්තෝබර් මස 25 දක්වා, බදුල්ල, කොළඹ, ගාල්ල, හම්බන්තොට, කළුතර, මහනුවර, කෑගල්ල, මාතලේ, මාතර, නුවරඑළිය, රත්නපුර සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල සමස්ත ආපදා සිදුවීම් 651ක් වාර්තා වී ඇති අතර එම සිදුවීම් හේතුවෙන් පුද්ගල මරණ 2ක් වාර්තා වී ඇත.

එම සිදුවීම්, නායයෑම් 55ක්, කණ්ඩි කඩාවැටීම් 358ක්, ගල් පෙරළීම් 51ක් සහ රැදවුම් බැමි අස්ථාවරවීම්, ගිලා බැසීම්, ගං ඉවුරු අස්ථාවර වීම්, දිය බුබුළු/ බොර උල්පත් මතුවීම් 95ක් ලෙස වර්ග කොට හදුනාගෙන ඇත.

තවද, පසුගිය දින කිහිපය තුළ ඉහත සදහන් දිස්ත්‍රික්කවලට අඛණ්ඩව ලැබූනු අධික වර්ෂාපතනය හේතුවෙන් එම ප්‍රදේශවල ඉහළ පස් ස්ථර සංතෘප්ත වීම මෙම ආපදා තත්ත්වය වර්ධනයෙහිලා හේතුවූ බව හඳුනාගෙනඇත. එබැවින්, නායයෑම් අවදානම් සහිත ප්‍රදේශවල ජිවත් වනජනතාව සිදුවිය හැකි නායයෑම්, කණ්ඩි කඩාවැටීම්, ගල් පෙරළීම්, බෑවුම් කඩාවැටීම් සහ පොළව ගිලා බැසීම් පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටින ලෙසත් , නායයෑම් පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදන වලට අනුකූල වෙමින් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වන ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දන්වා සිටී.

1 1

2 1

3 1

4 1

5