රට තුළ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් 2023 සැප්තැම්බර් මස 28 වන දින සිට 2023 නොවැම්බර් මස 15 වන දින දක්වා, බදුල්ල, මහනුවර, නුවරඑළිය, කෑගල්ල, මාතලේ, රත්නපුර, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, කොළඹ, කුරුණෑගල සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල නායයෑම්, කණ්ඩි කඩාවැටීම්, ගල් පෙරලීම් සහ ඒ ආශ්‍රිත සිදුවීම් 1037ක් වාර්තා වී තිබේ.

ඉන් වැඩිම සිදුවීම් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ මාතර දිස්ත්‍රික්කයෙන් වන අතර එය සිදුවීම් 321 ලෙස හඳුනා ගෙන ඇත. ඊට අමතරව කෑගල්ල සහ ගාල්ල දිස්ත්‍රික්ක තුළ පිළිවෙලින් සිදුවීම් 236ක් හා 133ක් වාර්තා වී ඇත.

මෙම නායයෑම් ආපදා තත්ත්ව නිසා මේ වනවිට පුද්ගල මරණ 7ක් වාර්තා වී ඇති අතර ඉන් මරණ 5ක් රත්නපුර දිස්ත්‍රික්කය තුළින් වාර්තා වේ.

ඔබ ජීවත් වන්නේ කඳුකර ප්‍රදේශයක නම් නායයාම්, බෑවුම් අස්ථාවර වීම්, ගල් පෙරළීම්, කණ්ඩි කඩා වැටීම් සහ පොළව ගිලා බැසීම් පිළිබඳව නිරන්තර සැලකිල්ලෙන් පසුවන ලෙසත් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය සහා ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය මඟින් නිකුත් කරන නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩ වෙත අවධානය යොමු කරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Balangoda LS

Kalthota LS

Pinnaduwa LS

Akuressa LS