හාලි ඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හපුවලකුඹුර ග්‍රාම නිළධාරී වසමට අයත් 6 කණුව උඩුවර ප්‍රදේශයේ නිවසක් මතට 2023.11.22 දින පස්වරු 6:00ට පමණ පස් කණ්ඩියක් කඩාවැටී ඇත.

මෙම සිදුවීමෙන් එක් නිවසකට අර්ධ හානි සිදු වී ඇති අතර නිවසේ සිටි කාන්තාවන් තිදෙනෙක් රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඉන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇත.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිළධාරීන්ගේ අධීක්ෂණයෙන් අනතුරුව තවත් එක් නිවසක් නාය අධි අවදානම් තත්ත්වයේ පවතින බව හඳුනාගෙන ඇති අතර එහි පදිංචි ජනතාව තාවකාලික වාසස්ථාන කරා යොමු කර ඇත.

⚠️⚠️⚠️ ඔබ ජීවත් වන්නේත් නායයෑම් අවදානම් සහිත කදුකර ප්‍රදේශයකනම්, නායයෑම් පූර්ව ලක්ෂණයන් පිළිබදව විමසිලිමත් වෙමු. තද වැසි සමග කණ්ඩි කඩා වැටීම් සහ නායයෑම් වලින් සිදුවිය හැකි ජීවිත 🤕 සහ දේපල හානි 🏚️ අවම කර ගනිමු.🙋‍♂️🚶‍♂️🏃‍♂️

 1f104d8c d2b6 486e a9d4 d59a06ad58f3

4839ff4b ecd1 4b6c adf1 12e358b7d7b9

8a39b5c7 1528 44c6 9d88 4ec1b831a566

FaLang translation system by Faboba