ගතවූ දශකයේ සිදු වූ කාර්මික දියුණුවත් සමඟ, එකලට වඩා ඉතා බහුල ලෙස රසායනික ආපදාවලට ලක්වීම් ශ්‍රී ලංකාවේ දක්නට ඇත. එවැනි ආපදා අතර ගිනි, පිපිරීම්, වෑස්සීම් හෝ විෂ සහිත හා හානිකර ද්‍රව්‍ය පිටකිරීම් මගින් ජන අසනීප, තුවාලවීම්, හෝ දුබලතාවයන් මරණය, දේපල හා ස්වභාවික පරිසරයට හානිවීම් විය හැක. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) පරිසර අධ්‍යයන සහ සේවා අංශය (ESSD) රසායනික වෑස්සීම් සහ ඇතැම් කර්මාන්තවලින් හදිසි පිට කිරිම් ගණනාවක් අදාළව සිදුවීම් ගණනාවක් පිළිබඳව අධ්‍යයන සිදු කරමින් සිටි. මෙමගින් ආපදා ඇතිවන ‍හේතුකාරක, පරිමාව සහ හානිදායක බව මුලික හේතුවට සාපේක්ෂව හදුනා ගනිමින් අනාගත තත්වයන් ඇතිවීම වැලැක්වීම සඳහා සුදුසු නිවැරදි හා ආරක්ෂණ ක්‍රියාමාර්ග යෝජනා කෙරේ.

පර්යේෂණ අරමුණු

  • විශේෂිත රසායනික ප්‍රබේදවලට අවධානය යොමු කරමින් රසායනික කර්මාන්තවලට අදාළ විය හැකි රසායනික ආපදා තත්වයන් පිළිබඳ තොරතුරු පද්ධතියක් සැකසීම.
  • රසායනික ආපදා අවදානම් සඳහා ක්‍රමික හදුනාගැනිමේ තක්සේරුවක් සැකසීම.
  • නීතිමය තත්වයන් ප්‍රමාණවත් තලයකට ශක්තිමත් කරන අවස්ථාව වන විට ප්‍රතිපත්ති ව්‍යුහය සැකසීමේ දී යොදා ගැනීම පිණිස මාර්ගෝපදේශ සැකසීම.

සොයාගැනීම්

ඉන්ධන පිරවුම් හලක මලකඩ බැදුනු භූගත ඉන්ධන ටැංකියකින් 2016 ජනවාරි මස නිල්වලා ගඟට ඩීසල් කාන්දුවීම, තීන්ත නිෂ්පාදනාගාරයක 2015 දෙසැම්බර් මස තිනර් බටයක් පිපිරී යාම, 2015 අගෝස්තු මස මත්පැන් කම්හලකින් භූගත ඉන්ධන නලයක් මගින් කැළණි ගඟට ඩීසල් කාන්දුවීම සහ පිරිසිදු කිරීමේ දේවල් නිෂ්පාදයෙකු විසින් 2013 ඔක්තෝබර් මස රසායනික ද්‍රව්‍ය පරිසරයට කාන්දු කිරීම ශ්‍රී ලංකාවේ සිදුවන සිදුවීම්වලින් කිහිපයකි. නඩත්තුව හා අධීක්ෂණය නොමැතිවිම මෙන්ම වැරදි ක්‍රියා පටිපාටි නිසා මෙවැනි රසායනික ආපදාවලින් වැඩි ප්‍රමාණයක් සිදු වේ. උක්ත කරුණුවලට අමතරව, රසායනික ආපදා තත්වයන් කළමනාකරණය කිරීමේ ප්‍රමාණවත් ප්‍රතිපත්ති ව්‍යුහයක් නොමැතිවීම රට තුල සිදුවන සියළුම රසායනික ආපදා සිදුවීම් සමනය කිරීමේ නොහැකියාවන් ඇති කර ඇත.

කර්මාන්තශාලා සතුව හදිසි තත්වයන්වලදී ඒවාට ආවේනික ආරක්ෂිත සැළසුම් හා හදිසි තත්ව ප්‍රතික්‍රියා සැළසුම් තිබුනද, අසල්වාසි ජනයා හා වටපිටාවන්වලට සිදුවන බලපෑම මෙම සැළසුම්වලට ඇතුළත් වී නොමැත. කර්මාන්ත (විශේෂයෙන් හානිකර රසායන ද්‍රව්‍ය භාවිතා කරන කර්මාන්ත) සඳහා ආපදා කළමනාකරණ සැළසුම් සැකසීමේ අවශ්‍යතාවය තේරුම් ගෙන ඇත. ඒ අනුව රසායනික ආපදා සිදුවීම වැළැක්විමේ/ අවම කිරීමට ප්‍රතිපත්ති ව්‍යුහයක් සකසා ගැනීම සඳහා ජා.ගො.ප.සං. මෙම ව්‍යාපෘතිය සළකනු ලබන්නේ එවැනි අන්තරාදායක තත්වයන්, හේතුවන සාධක, නිවැරදි හා වැළැක්වීමේ පියවර සහ ආරක්ෂාකාරී ජීවන පරිසරයක් සකසා ගැනීමේ දැනුවත් කිරීම පිළිබඳ අධ්‍යයනයක් සිදු කිරීමට අරමුණු කරගත් බවයි.